- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
බොරැල්ල – ගොඩගම මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබු බහාලුම් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙසේ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්. රැකියා ස්ථානයේ සිට යලි නිවාස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
Fide World Cadets චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ G කාණ්ඩයේ රන් පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව කටුනායක ගුවන් තොටුපොළෙන් අද(28) උදෑසන දිවයිනට පැමිණියා. තරගාවලිය රටවල් 75ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊජිප්තුවේදී පසුගිය 14 වනදා සිට 27 වන දින දක්වා පැවැත්වුණා. ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වනවා. ඔසිනි දේවින්ද්‍යා අද(28) උදෑසන 09.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ…
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි. පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග මෙලෙස ඩෙංගු අවදානම් කලාප ඉගල ගොස් ඇති බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින ආරියරත්න මහතා සඳහන් කලේ.
කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර නියගය හා ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවියන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබාදෙන බවද ඔහු සදහන් කළා. වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුවේ දී අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් .
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව ද සදහන් . එහිදී අමාත්‍ය මණ්ඩලයට නව මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද වාර්තා වනවා. මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි . එමෙන්ම විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා ජන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදා යි .
පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සදහායි මෙලෙස පොලිස් නිලධාරීන් බදවා ගැනීමට නියමිතව ඇත්තේ. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සදහා පුර්ණ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.
මැද පෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානුෂිය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදීයි මෙම යෝජනාව සම්මත වී ඇත්තේ. අදාළ යෝජනාව පක්ෂව ඡන්ද 120ක් හිමිවු අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබෙනවා. එමෙන්ම රටවල් 45ක් එම යෝජනාව සදහා ඡන්දය භාවිතයෙන් වැළකි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාව මැද පෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානුෂිය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බදවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ තීරණය ප්‍රකාශ කරන බවයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙලෙස පත්වීම් ලබා දීමට නියමිතයි.
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළදාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීරණ මෙහෙයුම් සිදුකරගෙන යාම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. විෂ්‍යභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. තීරු බදු සහිත සිල්ලර වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සදහා ආයෝජකයෙකු අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා මේ වනවිට ගින්න පාලනය කර ඇති බව මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222