Author: Anura Premakumara

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ අනතුර වැල්ලවත්ත මුහුද ආසන්න මාර්ගයේදී ඊයේ (28) රාත්‍රී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව වැල්ලවත්ත පොලිසිය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුණා. මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

නැගෙනහිර පළාත තුල  ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවයි. එසේම නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවයි  ආණ්ඩුකාරවරයා අවධාරණය කලේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

ඉදිරියේදී නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදින් නැගු  ප්‍රශ්නවල පිළිතුරු දෙමින් දායාසිරි ජයසේකර මහතා මේ බව සදහන් කළා. යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනයක් ලැබුනහොත් තනතුරු නොමැතිව වැඩ කිරීමට තමන් සුදානම් බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පලකළා.

තව කියවන්​න

වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හත්තියාට පුද්ගලයෙකු යළි වෙඩි තබා තිබෙනවා. තිරප්පනේ වන්නම්මඩුව වැව් ඉස්මත්තේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අග්බෝ හත්සියාට ප්‍රතිකාර සිදුකරන පශූ වෛද්‍යවරුන් පැවසුවේ හස්තියා බරපතල තත්ත්වයෙන් පසුවන බවයි. බදින තුවක්කුවක් පත්තුවීමෙන් මීට පෙර අග්බෝ හස්තියාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව තිබුණා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයගන්නට ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය සමත් වුණා. පළමු තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතරයි. දර්මසාලාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 49 යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 388ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 109ක් සහ ඩේවිඩ් වොර්නර් ලකුණු 81 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ටේන්ට් බෝල්ට් සහ ගේලෙන් පිලිෆ්ස් කඩුළු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 383ක් පමණයි. තරගයේ අවසන් පන්දුවාරයේදී නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 19ක් ලබා ගතයුතුව තිබුණා. අවසන් පන්දුව තෙක් උණුසුම් මුහුණුවරක් ගත්…

තව කියවන්​න

ඊජිත්තුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ආසන්නයේදී බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට ලක්වු මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

දිවයිනේ දිස්ත්‍රික් හයක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ ගාල්ල , හම්බන්තොට , බදුල්ල , මාතර සහ කළුතර දිස්ත්‍රික් සදහා මෙම නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක බවයි. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා ද නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරෙනු ඇති.

තව කියවන්​න

2023 රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා. ඒ අද අලුයම ප්‍රංශයේදී පැවති අවසන් මහා තරගයේදී ප්‍රබල නවසීලන්ත රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින්. අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 12 ට 11ක් ලෙසයි. දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් දිනාගත් සිව්වන අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ සූදානම් ඇති බව ”දේශය” පුවත්පත වාර්තා කරනවා. එම පුවත්වත තවදුරටත් වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී ඔහුද එම කරුණ තහවුරු කළ බවයි. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ වත්මන් සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම බවටයි වාර්තා වන්නේ. ඔහු තනතුරින් ඉවත් කොට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරනු ලබන බහුතර පිළිගැනීමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වන අයෙකු මෙම තනතුරට පත් කිරීමට ඉඩ ඇති බවයි දේශය පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ. Source : දේශය පුවත්පත …

තව කියවන්​න

රජය සතු තිබෙන, වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කලේ මේ සමබන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී ඇති බවයි . මේ අතර රට තුල පොහොර හිගයක් පවතින් බවට පල වන  වාර්තා සම්බන්ධයෙන්ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අදහස් පල කළා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාතයවරයා මේ බව පැවසුවා.

තව කියවන්​න