Author: Anura Premakumara

පවතින වැසි කාලගුණය සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අවධානම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවධානම බලාත්මකයි. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ . බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බවද කාර්යයේ නියුතු…

තව කියවන්​න

වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වු ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව ආදේශ කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළග තරගය හෙට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. බොහෝ දුරට දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති  ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්නායක මහතාගෙන රුපියල් මිලියන 1.5ක මුදලක්  කප්පම් වශයෙන්  ඉල්ලා තිබූ බවයි වාර්තාවන්නේ. රඹුක්කන ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යලිත් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවී තිබූ අතර මේ හේතුවෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත්වී සිටින ගාසා තීරයේ ජනතාවට බාහිර ලෝකය සමග තිබූ සබඳතාවන් ගිලිහී ගොස් තිබුනා. කෙසේවෙතත් මේ වනවිට ගාසා තීරයේ බොහෝ ප්‍රදේශවල දුරකථන හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර ඇති බවයි පලස්තීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා. විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස විදුලි බිල ඉහළ දැමීම සාධාරණ නොවන බවයි. වැඩි කළ විදුලි බිලට විරෝධය පලකරමින් ජාතික ජන බලවේගය ද ඊයේ විරෝධතාවක නිරත වුණා. ඊට එක්ව සිටි ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා මෙලෙස අදහස් පලකළා. මේ අතර සමගි ජන බලවේගය ද විදුලි බිලට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපක විරෝධතා සංවිධාන කර තිබුණා. මේ එම විරෝධතාවකට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා. මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස්…

තව කියවන්​න

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන 08ක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ සදහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ද පත්කර තිබෙනවා. එක් එක් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒ සදහා අන්තර්ජාතික උපදේශකයෙකු තොරා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

තව කියවන්​න

රට පුරා සියලුම රාජ්‍ය සේවකයන් හෙට දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති පවසනවා. ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලමින්. ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම හෙට පාරට බැසීමට සූදානම් වනවා. එමෙන්ම ඉදිරියේදී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ . මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ වර්ජන තුලින් යලිත් රට අර්බුදයක් කරා ගමන් කරන බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ…

තව කියවන්​න

වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල අවශ්‍යතාව, මාර්ග වල ඇති ඉඩ පහසුකම් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වන බවයි. එමෙන්ම ඉන්ධන සඳහා යන වියදම සහ වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

තව කියවන්​න

මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු ධීවර යාත්‍රා 05ක් සමග සිය භාරයට ගත් බවයි. මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ඉන්දිය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව තිබෙනවා.

තව කියවන්​න

ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක්කළා. මෙහිදී සිම්පත් සහ ඡංගම දුරකතන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අනෙකුත් බන්ධනාගාර තුළ ද මෙවැනි හදිසි වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

තව කියවන්​න