- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
නීති විරෝධීව කෘමිනාශක තොගයක් මෙරටට ගෙන ඒමට කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට. කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කල පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එහිදී නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල උර 15ක අසුරන ලද කෘමිනාශක තොගය සමඟ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර තිබුණේ. මෙම පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 8,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර ළමුන් 3,195 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම පලස්තීනයේ තවත් ළමුන් 1,000ක් පමණ අතුරුදන්ව ඇති අතර, ඔවුන් සුන්බුන් අතර වැළලී ඇති බවට උපකල්පනය කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ළමුන් සංඛ්‍යාව 2019 සිය වාර්ෂිකව ලොව පුරා ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වූ මුළු ළමුන් සංඛ්‍යාවට වඩා වැඩි බව රාජ්‍ය නොවන සංවිධානයක් වන සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටක් සදහන් කර ඇත්තේ.
බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, ජනතාවගේ පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කර සිටිනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඊයේ එම විද්‍යාලයේ පැවති රීඩ් මාවතේ සියවස් සැමරුම උත්සවයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළා.
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට බියගම ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදුණු ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් පළා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් බියගම රණවිරු මාවත අසලදී ඉදිරියට පැමිණි ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර තිබෙනවා. එම අවස්ථාවේදී පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කර ඇති අතර, එම හේතුවෙන් පොලිසිය ත්‍රිරෝද රථයේ රෝදවලට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කර තිබුණේ. එහිදී උණ්ඩ කිහිපයක් ත්‍රිරෝද රථයේ පිටුපසට වැදී ඇති අතර, ත්‍රිරෝද රථය බියගම පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බවයි ඔහු සදහන් කළේ. මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
විදේශ ණය සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නොමැති බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසුවේ මේ තුලින් ජනතාව ඉදිරියේදී බරපතල ගැටලුවකට මුහුණ දෙන බවයි. කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා .
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පවසනවා. එමෙන්ම මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කළහොත් දැවැන්ත වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කලා. ජාතික ජන බලවේගයේ පාතදුම්බර ආසන සමුළුවට එක්වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 29 වැනි තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 100ක දැවන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට පියවර ගත්තා. ඒ අනුව පන්දුවට පහරදීට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබාගැනීමට සමත් වූවා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු 101කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 87ක් රැස් කිරීමට නායක රෝහිත් ශර්මා සමත් වූවා. සූර්යකුමාර් යාදේව් පන්දු 47කදී ලකුණු 49ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර හතරක්ද සමගින්. කේ.එල්. රාහුල් ලකුණු 39ක්ද ජස්ප්‍රීට් බුම්රා ලකුණු 16ක්ද ලබාගැනීමට සමත්…
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා. එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ අද දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි. සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බව ඔහු සඳහන් කලා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලා .…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222