Author: Anura Premakumara

දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සදහන් කළේ අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරින් එක්වන බවයි.

තව කියවන්​න

රාජ්‍ය පළාත් හා රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේ විදුලි බිල වැඩිවීමත් සමග අසාධාරණ ලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි. මෙලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ යාමත් සමග දෙමාපියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

නොවැම්බර් මස පළමුවනදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසනවා. ඒ සදහා සියලු සේවකයින්ට ඇරයුම් කරන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

කවුරු කුමක් පැවසුවද තවමත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ. මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ මීළග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ඔහු පරාජයට පත්වන බවයි.

තව කියවන්​න

මෙවර අයවැයේ සැලසුම සෘණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයක් කරා යාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. යම් කිසි අයෙකු අයවැය පරාජය කිරීමට කටයුතු කරන්නේ නම් එයින් සිදුවන්නේ අයවැය පරාජය වීමක් නොව මෙරට ජනතාව පරාජය වීමක් බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.30 ට තුර්කියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. මීට වසර 10 ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය සිදු වූයේ මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමත් සමගයි. තුර්කියේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමග මගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩිකර ගත හැකි බවටයි සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සදහන් කළේ. තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.30…

තව කියවන්​න

ඉදිරි මාස 6 තුළ අපරාද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනනකෝන් මහතා පවසනවා. විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විටත් පොලිස් භාරයේ පසුවන බවටයි ඒ මහතා කියා සිටියේ. දකුණු පළාතේ සිදු වූ සියලු සිදුවීම්වලට විදෙස්ගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුල් වී ඇති බවටයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

තව කියවන්​න

දදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ රාත්‍රියේ පුරා ඇදහැ`ඵණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 14,000 ක් නිකුත් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එය ඉදිරියට තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ගිගුරුම් සහිත…

තව කියවන්​න

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් ගැටී අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී අතර මේ හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි බලධාරීන්ගේ අවදානය යොමුව ඇත්තේ. කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්. පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න