- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමමින් කොළඹ දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා කටයුතුවලට මින් බාධාවක් ඇති නොවන බව ද ඔහු සදහන් කළා. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රධාන කාර්යාල අසල මෙම විරෝධතාව පවත්වන බවත් එදින ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වන සංවත්සරය බවත් ඔහු පැවසුවා. ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, සේවක වැටුප් ගැටලු ආදී කරුණු ද මෙම විරෝධතාවට හේතු බවයි රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ .
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 31 වැනි තරඟයෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස් කළා. එහිදී මහ්මුදුල්ලාහ් ලකුණු 56, ලිටොන් දාස් ලකුණු 45ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 43ක් රැස් කළා. පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි සහ මොහොමඩ් වසීම් කඩුළු 03 බැගින් බිද හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 3ක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆකාර්…
පාකිස්ථානය තුල රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට ඉවත්වීමට ලබා දුන් කාලය අදින් අවසන් වනවා. ඒ අනුව මිලියන 1.7ක් වන ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පාකිස්ථානයෙන් ඉවත් වන ලෙසට මින් පෙර දැනුම් දී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. එම දැනුම්දීමත් සමග පෙරේදා දිනය වන විට ලක්ෂ 2ට ආසන්න ඇෆ්ගනිස්ථානුවන් පාකිස්ථානයෙන් පිටව ගොස් තිබූ අතර, ඊයේ දිනයේදී ඇෆ්ගනිස්ථානුවන් 20,000ක් දේශසීමාව ඔස්සේ පාකිස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. අදින් පසුව පාකිස්ථානයේ රැඳී සිටින සියලු ඇෆ්ගනිස්ථාන සරණාගතයන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවටද පාකිස්ථානය අනතුරු අඟවා තිබෙනවා.
ඇල්ල නගරයේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට මාරුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙසේ වෙඩිවැදී ඇත්තේ සංචාරක හෝටලයක සේවකයෙකුට බවත්, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලීසිය සදහන් කළා. මෙම වෙඩි තැබීම හෝටලය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවට සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇති අතර, වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් සොයා ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිවේදනය කලා. ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් සිය වාර්තාව ඊයේ අධිකරණයට භාරදීමෙන් අනතුරුව මේ බව නිවේදනය කිරීමටයි කටයුතු කළේ. මුද්‍රා තබා තිබූ එම වාර්තාව භාරගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අනතුරුව ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද දින ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළා.
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද දිනයේදී ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අද දිනයේදී අගෝස්තු මාසයට අදාළ වන මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම සැප්තැම්බර් මාසය සදහා වන මුදල් ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් සදහන් කළේ.
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. සිපෙට්කෝ සමාගම කියා සටියේ අදාළ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා. මෙතෙක් ලීටරයක් රපියල් 365ක්ව පැවැති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 356ක්. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 423ක්. මෙතෙක් රුපියල් 351ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක්. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමත් සමගින් එම ලීටරයක මිල රුපියල් 431ක් දක්වා…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ක්‍රිකට්ලෝලීන් විසින් පර්සි මාමා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද ඔහු මෙරට මෙන්ම විදේශයන්හිද ජනප්‍රිය දිරිගන්වන්නෙකි. පසුගිය අගෝස්තු මාසයේදී 87 වන වියට පා තැබූ පර්සි මහතා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසු වූවා. පර්සි අබේසේකර මහතා 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දිරිගැන්වීමේ නිරතව සිටියා.
ගිණිකොණ දිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකා පටිනම් සිට ඔඩිසා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදු ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මීට මාස 4 කට පෙර ද ඉන්දියාවේ ඔඩිසා හිදි දුම්රියන් 2 ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 275 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1000 කට අධික පිරිසක්…
ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව හෙට සිට සෑම සතියේ දිනකම ඉරිදා, සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හිදි එම ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන බවටයි එම ගුවන් සේවය නිවේදනය කළේ. මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය පාකිස්ථානයේ කරච්චි නගරය දක්වා ද සතියට ගුවන් ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222