Author: Anura Premakumara

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කළා. ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ දිනේෂ් ෂාප්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සහ මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන…

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙම්න්. අතිරික්ත වී නිෂ්පාදනයක් කළ හැකි බවත්, වනාන්තර හැර මේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සංවර්ධනය කළ හැකි ස්ථාන සංවර්ධනයට යොමු කරමින් ස්වයංපෝෂිත කළ හැකි බවත් එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මිට අමතරව විදේශ විනිමය  උපයා ගතහැකි කාර්යයන් සඳහා රට යොමුවිය යුතු  බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා. පශ්චාත් අධ්‍යාපන අවස්ථා දරුවන්ට ලබාදීම සඳහා වූ වැඩපිළිවෙළක් හරහා ඉදිරියට ගමන් කළ යුතු බව හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම…

තව කියවන්​න

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අජංන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. මේ අතර ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථාන පැවසුවේ සියයට 5 කින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවයි. මේ අතර ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් තවත් පීඩාවට පත් වන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356 ක්…

තව කියවන්​න

දුම්රිය ගමන් වාර 8 ක් අද දිනයේත් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සදහන්. එමෙන්ම ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 21 ක් පමණ අවලංගු වී තිබුණා. මේ අතර මාර්ග අංක දෙකක අද උදෑසන සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටපුල – කොටුව, ජා ඇල – කොටුව, මාර්ග අංක 188 සුඛෝපභෝගි බස් රථ අද උදෑසන 7 සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනය ආරම්භ කර ඇති බව සදහන්. ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ කර තිබෙන්නේ.

තව කියවන්​න

ගාසා තීරයේ විශාලතම සරණාගත කදවුරට ඊශ්‍රායල් හමුදාව විසින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ජබාලියා නමැති සරණාගත කදවුරට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. එම ප්‍රහාරයෙන් සරණාගත කදවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සදහා පහසුකම් නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එම සරණාගත කදවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ පූනේ හිදි පැවැත්වෙන මෙම තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත්, තෙවන ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත් පසු වනවා. මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

තව කියවන්​න

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අතු`ඵ සංවිධාන කිහිපයක් එක් වී විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට පාගමනක් පැවැත්වෙනවා. මේ සදහා මහා සංඝරත්නය ඇතු`ඵ විශාල පිරිසක් එක්ව සිටින අතර එය දිවුලපිටිය නගරයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට වැඩි පොලිස් රැකවල් යොදා ඇති බව සදහන්. විශේෂ කැරලි මර්ධන කණ්ඩායමක්, හමුදා භට කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ද දිවුලපිටිය ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙනවා. මේ අතර විදුලිබිලට විරෝධය දැක්වීමේ පාගමනට එරෙහිව අඥාවක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඊයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

තව කියවන්​න

අගෝස්තු මස 04 වන දින කඳාන පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු බව කියන පුද්ගලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ෂෂ හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින කඳාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා. එහි දී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය…

තව කියවන්​න

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබුවා . එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත වී ඇති බවද සදහන් . මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම බවයි  ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

තව කියවන්​න

ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සදහන් කළේ අතතනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජා-ඇල ඇතු`ඵ ප්‍රදේශවල පහත් බිම්වලට මෙම ගංවතුර අවදානම පවතින බවයි. එමෙන්ම නිල්වලා ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව ද ගංවතුර අවදානමක් පවතින බව ඔහු සදහන් කළා. මේ අතර අද දිනයේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවා.

තව කියවන්​න