Author: Anura Premakumara

බංකොලොත් භාවයෙන් ගොඩ එමින් සිටින මෙම අවස්ථාවේ මෙරට යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට සුදුසුම අවස්ථාව බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.

තව කියවන්​න

ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබෙනවා. මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ ඊයේ මාධ්‍ය හමුවක දී සඳහන් කළා. ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමිට පොරොන්දු වූ බවයි අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පළමුවරට දේශ සීමා විවෘත වීමත් සමඟ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයට මැදිවී සිටි විදේශිකයන් 335 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 400ට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඊජිප්තුවේ රෆා හරස් මාර්ගය ඔස්සේ මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, මීට අමතරව තවත් තුවාල ලැබූ පුද්ගලයන් 76 දෙනෙකුද පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම විදේශිකයන් අතර අමෙරිකානු සහ බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි විශාල පිරසක් වන බව සදහන්. රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස ගෙන්වා ගැනීමට හැකි වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32 වැනි තරඟයෙන් නවසීලන්තය පරාජය කරමින් ලකුණු 190 දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 357ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රසී වැන් ඩර් ඩසන් ලකුණු 133ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 114ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 77ට කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. මෙහිදී ග්ලේන් පිලිප්ස් පන්දු 50දී ලකුණු…

තව කියවන්​න

2024 අයවැයෙන් සියයට 55ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළට එක්වෙමින්. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

මාර්ග අනතුරු සහ ඒ අශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් පත්කිරිමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ කමිටුව කඩිනමින් පත්කරනු ඇති බවයි. කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා. මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා ළමා මරණ 115ක් සිදුව ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ. මෙම තත්ත්වය පාලනය කිරීම සදහා සමාජයේ සියලු පාර්ශවයන්ට වගකීමක් පැවරී ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.

තව කියවන්​න

දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල අද සිට පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ පැය 24ක් පුරා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ඌව පළාත් සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති. වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා පැවසුවේ ලබන 10 වනදා බස්නාහිර පළාත තුළ රජයේ රෝහල්වල සියලු වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

තව කියවන්​න

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. වැටුප් ගැටළුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ. රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ පැවැත්වු සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබුණා. දිවයිනේ පවතින විශ්වවිද්‍යාල 17 තුළම මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සදහන් කළේ. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පලකළ එහි ප්‍රධාන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා.

තව කියවන්​න

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග මෙම සාකච්ඡාව පැවැති බවයි. ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවකට එක්ව සිටි නියෝජිතයින් විසින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට සහ ආදායම වැඩිකර ගැනීමට අදාළ යෝජනාවලියක් ජනාධිපතිවරයා භාර දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. මේ අතර එළඹෙන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන කැදවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් පලවුණා. මේ එම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා.

තව කියවන්​න

හැටන් නගරයේ නම භාවිතා කරමින් වාහන අලෙවි කිරිමට තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්විම් පල කර තිබෙනවා. වාහන පරික්ෂා කිරිමට ප්‍රථම අත්තිකාරම් මුදල් බැංකුගත කර ගනිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි හැටන් ප්‍රදේශයේ සමාජ මාධ්‍ය පරිශිලකයන් පවසන්නේ. වෙලදපොලේ ඉහල වටිනාකමක් ඇති වාහන වල ඡායාරුප පල කර එම වාහන ඉතා අඩු මිලකට අලෙවි කරන බවට දැන්විම් පල කර තිබෙනවා. අනතුරුව වාහන ගැණුම්කරුවන් එම වෙලද දැන්විමේ සදහන් දුරකථන අංකයට ඇමතුම් ලබා දි වාහනය පිලිබදව තොරතුරු විමසිමේදි වාහනය හැටන් නගරයේ නිවසක තිබෙන බව පවසා තිබෙනවා. අදාල වාහනය පරික්ෂා කිරිමට ප්‍රථම ඒ සදහා යම් මුදලක් බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසට දැන්විම පල කල පුද්ගලයා විසින් පවසා…

තව කියවන්​න