- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගත්තේ. ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ඇති. තරගය ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර මෙරට වේලාවෙන් පස්වරු දෙකට තරගය ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම මින් පෙර තරගවලට ක්‍රීඩා කරන ලද කණ්ඩායම ම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබෙනවා. එනම් ධනංජය ද සිල්වා වෙනුවට දුශාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා. තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් මෙසේය. SL XI: 1 Pathum Nissanka, 2 Dimuth…
එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ වංකඩේ හිදි පැවැත්වෙන මෙම තරගය පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා. ඒ අනුව ධනංජය ද සිල්වා වෙනුවට බොහෝ දුරට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර නවසීලන්තයට එරෙහිව ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සහ තෙවන ස්ථානයේ පිළිවෙලින් පසුවන්නේ සත්කාර ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7…
පැය 24ක් තුළ යුක්‍රේනයේ ජනාවාස සියයකට පමණ ප්‍රහාර එල්ල කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා. යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ජනාවාස ඉලක්ක කරගෙනයි ෂෙල් ප්‍රහාර එල්ල කෙරුණේ. යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ෂෙල් ප්‍රහාර එල්ල වු දරුණුතම දිනය ඊයේ දිනය වු බවයි. රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ ගම්මාන රැසක් මුලුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා . ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආරාධනයකට අනුවයි. එමෙන්ම ඇය අද උදෑසන ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලටද ගොස් තිබෙනවා. මෙම සංචාරයේදී ඇය ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛාවක්ද විවෘත කරනු ලැබුවා. මේ අතර ඇය ඊයේ දින ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගෙන ඇති අතර එහිදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක තිබෙනවා.
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතු`ඵ වීමට අවසර ලැබී ඇති බව වාර්තා වනවා. අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කියා සිටියේ තානාපති කාර්යාලය මගින් ඒ බව දැනුම් දුන් බවයි. ඒ අනුව අද දින දහවල් 12 පමණ වන විට මෙම පිරිසෙන් 15 දෙනෙකු ඊජිප්තුවට ළඟා වීමට නියමිතව ඇති බව සදහන්. ඒ සදහා අවශ්‍ය මැදිහත් වීම ඊජිප්තු තානාපති කාර්යාලය මගින් මෙන්ම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය මගින් සියලු කටයුතු සූදානම් කර ඇති බවටයි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේ.
වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව ජනවාරි පළමු වන දා සිට නොවැම්බර් පළමු වන දා දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,497 ක් බවයි එම ඒකකය සදහන් කළේ. එමෙන්ම මෙම කාලය තුළ ඩෙංගු මරණ 32 ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සදහන් කළා.
ගාසා තීරයේ තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මේ වන විට පලස්තීනුවන් 195 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයන් 120ක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මීට අමතරව මෙම සරණාගත කඳවුරේ සිටි තවත් පලස්තීනුවන් 777දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලබා තිබෙනවා.
සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සාමාජිකයින් පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක කාලයක් සඳහායි මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ. ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පත්කර තිබෙනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222