Author: Anura Premakumara

නව කැබිනට් සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතලේ ලග්ගල ප්‍රදේශයේ පාසලක පැවති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 128 දෙනෙකු පමණ භූ කම්පන තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරුවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව යි විදෙස්  වාර්තා පැවසුවේ. එය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් වී තිබෙනවා. තුවාල ලැබූ ගණන 100 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සදහන්. භූ කම්පන තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු සුන්බුන් අතර සිර වී  සිටින ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩාලෝලින්ගෙන් චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් ඊයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබුවා. එමෙන්ම මේවන විට පාර්ශව කිහිපයක් විසින් විරෝධතා සංවිධානය කර තිබෙන අතර මේ හේතුවෙන් අදත් ක්‍රිකට් ආයතනයට ආරක්ෂාව ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන බවයි. ඒ අනුව  එහි නව මිල රුපියල් 3,565ක් වනවා . කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින්  ඉහල ගොස් ඇති අතර  , එහි නව මිල රුපියල් 1,431ක් දක්වා ඉඅහල ගොස් තිබෙනවා . එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 668ක් . මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා .

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන…

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුල “ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ පාර්ලිමේන්තුවේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර ලබා ගත්  අනුමැතියකින් බව වෛද්‍ය  හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය හෙලි කරනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ එම සන්ධානයේ සභාපති  වෛද්‍ය  චමල් සංජීව ප්‍රකාශ කලේ එම දත්ත පද්ධතියේ කර්යක්ෂමතාව පිලිබද ගැටලු පවතින බවයි. තොරතුරු නිවැරදි නොවිම නිසා රෝහල් අධ්‍යක්ෂකවරුන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔහු  පෙන්වා දුන්නේ ය.මෙම  දත්ත පද්ධතිය පිළිබද වත්මන්  සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ අවධානය යොමු විය යුතු බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. වෛද්‍ය සැපයුම් අංශයේ  දත්ත පද්ධතියට හිමිවන්නේ  සුවිශේෂී ස්ථානයක්. රෝහල් වල මෙන්ම වෛද්‍ය සැපයුම් …

තව කියවන්​න

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමන අතරමඟ නවතා දැමීමට පොලීසිය අද පියවර ගත්තා. අනතුරුව එය සංවිධානය කළ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුලු 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගත්තේ. ඒ අතර “සසුන රැකුමට” ගෝලීය සංසදයේ කැදවුම්කරු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ද අත්අඩංගුවේ පසු වනවා. මෙම පිරිස අද පෙරවරුවේ දිවුලපිටිය නගරයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළ අතර, පොලීසිය දිවුලපිටිය – හොරගස්මුල්ල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට යාම වළක්වනු ලැබුවා. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව ද කැඳවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සංවාදාත්මක තත්ත්වයක්…

තව කියවන්​න

ශ්‍රී ලංකා රේගුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉපයූ ආදායම රුපියල් බිලියන 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රේගුව මාසයක කාලයක් තුළ ඉපයූ ඉහළම ආදායම බවයි රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ. ඔහු සදහන් කළේ බදු රැස්කිරිමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව බවයි. එමෙන්ම මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තව කියවන්​න

මෙම වසරේ තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළ ගොස් තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ තැඹිලි ගෙඩි මිලියන 11 ක් අපනයනය කර ඉන් රුපියල් මිලියන 110 ක ආදායමක් ඉපයූ බවයි. කෙසේ වෙතත් වසරේ මේ දක්වා තැඹිලි ගෙඩි මිලියන 14 ක් අපනයනය කර රුපියල් මිලියන 140 ක ආදායමක් උපයා තිබෙනවා.

තව කියවන්​න

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබෙනවා. ඒ අනුව මෙම සිදු වීම හරහා අපරාධයක් සිදු වී ඇති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බව සදහන්. මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ වාර්තා පිළිබද සොයා බැලීම සදහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

තව කියවන්​න