- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර ඊයේ දිනයේ ඩුබායිහිදී පැවති හමුවක් අතරතුරදී මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ . පැරීසියේදී පැවති රැස්වීමකදී අදාළ තීරණය ගෙන ඇත්තේ බවත්, ඉදිරියේදී රග්බි ලෝක කවුන්සිලය විසින් එම තහනම ඉවත් කිරීම නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවත් ඔහු පවසා තිබෙනවා. ලෝක රග්බි සම්මේලනය විසින් පසුගිය මැයි මස 18වැනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා. ඒ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා එල්ල වන දේශපාලන…
නඳුන් චින්තක නොහොත් ”හරක් කටා” විසින් තමන් හට රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . අදාල සැකකරු එම මුදල ලබා දීමට උත්සහ කරනු ලැබුවේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්න ලෙස ඉල්ලීම් කරමින් බවයි අමාත්‍යවරයා සදහන් කලේ . අමාත්‍ය ටිරාන් අලස් මහතා ගාල්ල උණවටුන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් මෙම අදහස් පල කළා .. දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ගාල්ල උණවටුන ප්‍රදේශයේදී මෙම හමුව පැවැත්වුනා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට නැවත වරක් ආරම්භ වනවා. ඒ අනුව අද දිනයේදී ් කාණ්ඩායෙන් තරග 4ක් සහ ඊ කාණ්ඩයෙන් තරග 5ක් ලෙසින් තරග 9ක් ආරම්භ විමට නියමිතයි. මෙම තරගාවලිය, පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය ඔක්තෝබර් මස 2 වැනිදා සිට නතර කිරීමට පියවර ගෙන තිබුණා. එමෙන්ම මෙම තරගාවලිය මීට පෙර ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ද මාසයකට අධික කාලයක් නතර කරිමටයි කටයුතු කරනු ලැබුවේ.
ලබන ජනවාරි මාසයේ සිට අස්වැසුම දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කරන බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි .අස්වැසුම ප්‍රතිලා භීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් 15 වැනිදා වන විට සහ, ඔක්තෝම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් මාසය අවසානයේ සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා .
ගාසා තීරයේ සිරව සිට ඊජීප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබෙනවා. දෝහා කටාර්හි සිට ගුවන් යානයකින් ඔවුන් සියලු දෙනා අද(05) අලුයම දිවයිනට පැමිණි තිබෙනවා. ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වීමත් සමගින් මොවුන් ගාසා තීරයේ සිරව තිබෙනවා. පසුව ඊජිප්තු දේශ සීමාව විවෘත කිරීමත් සමගින් ඔවුන් ඊජිප්තුවට පැමිණ එහි නතරව සිට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙන් පසුව මෙලෙස අද දිනයේ දිවයිනට පැමිණ තිබෙනවා.
නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දිනයේදී යාපනය,කෝපායි ප්‍රදේශයේ පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා . උතුරු පළාත් අධ්යාපන අමාත්‍යංශය නිවේදනය කලේ විදුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු පිරිසක් සදහා මෙලෙස පත්වීම් ලබා දුන් බවයි . උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු වැඩසටහනකදී නව විදුහල්පතිවරුන් වෙත මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා . උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් මෙලෙස නව විදුහල්පතිවරුන් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ . නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන්…
තමන් කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ඉල්ලා අස්වීමෙන් පසු සභාපතිවරයාද ඉල්ලා අස්වෙන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්. එහිදී ඔහු පවසා ඇත්තේ, තමන් නීත්‍යානුකූලව පත්වූ සභාපතිවරයා බවයි. එසේම තාම ධුර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඇතැම් අවස්ථාවල පරාජයන්ද ලබා ඇති බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය බවද ඔහු පවසනවා. ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා මේ වන විටත් ජනාධිපතිවරයාගෙන්…
ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය හරහා ලද තොරතුරු පදනම් කර ගනිමන් උතුරු ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ගොඩබිම් මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගෙන් ලද තොරතුරු මත පදනම් කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාරක ජෙට් යානා ත්‍රස්ත ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගොඩනැගිල්ලක වහළය මත සහ ඊට ආසන්න ප්‍රදේශයේ උමගක් තුළ සිටි හමාස් ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී හමාස් ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් සහ උමං මාර්ග තොතුරු ලබාගෙන ඇත්තේද පාබල මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල යුද හමුදාව වෙතිනි. අදාළ ප්‍රදේශවලින් වෙඩි…
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන සහ 36 වන තරග ඊයේ දිනයේදී පැවැත්වුණා. මෙහිදී සමස්ත තරගාවලියේ 35 වන තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව නවසීලන්තය පරාජය කරමින් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට සමත් වුනේ පාකිස්තාන කණ්ඩායමයි. එම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛාව 401 ක්. එහිදී රචින් රවින්ද්‍ර ලකුණු 108 ක් සහ කෙන් විලියම්සන් ලකුණු 95 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 402ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ 25…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා . එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවයි . ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබෙනවා . ශ්‍රී ලංකා ක්‍රිකට්ස ආයන්තනයේ සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර ඇති බව වාර්තා වනවා එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222