Author: Anura Premakumara

මදුරන්කුලිය ප්‍රදේශයේදී ඇළකට ඇද වැටීමෙන් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දැරියක් බවයි වාර්තාවන්නේ. දැරිය ජිවත් වූ නිවසට අඩි 20ක් පමණ දුරින් මෙම ඇළ මාර්ය පිහිටා ඇති අතර වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ දැරිය නිවසේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව දෙමාපියන් සිදුකළ සොයාබැලීමේදී ඇය ඇළේ වැටී සිටින බවට දැක ඇති අතර දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

තව කියවන්​න

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරියේදී ඉතා දැඩි තීන්දු කිහිපයක් ගනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ. එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම තුලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බවයි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට රජය මැදිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේදී අද මාධ්‍යවෙත අදහස් පල කරමින්.

තව කියවන්​න

දිස්ත්‍රික්ක අටකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල , හම්බන්තොට , කළුතර ,මහනුවර, කෑගල්ල , මාතලේ, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික් සදහායි මෙලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ. මේ අතර පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම් ද ඉහළ යමින් පවතිනවා.අත්තනගලු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අත්තනගලු ඔය දෙපස පදිංචිකරුවන් විමසිලිමත්වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

තව කියවන්​න

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යලිත් වරක්   පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.89 ක් ලෙසයි  සටහන්ව ඇත්තේ. එය සියයට 2.36 ක පහළ යෑමක් . ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 1.96 කින් පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 80.51 ක් වී තිබෙනවා. ඇමරිකාව සිය ඉන්ධන නිෂ්පාදනය ඉහළ දැමීම සහ තවත් හේතු කිහිපයක් මෙලෙස බොරතෙල් මිල පහළ යෑමට බලපා ඇති බව සඳහන්.

තව කියවන්​න

ඊශ්‍රායලයේ දී මියගිය සුජිත් බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි . පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු අතුරුදන් වූ බව වාර්තා  වුණා . ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දෙනු ලැබුවා . ඉන් අනතුරුව සුජිත් බණ්ඩාර මහතා මියගොස් ඇති බවටයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු…

තව කියවන්​න

එළඹෙන වසර සදහා වන අයවැය තුලින් ජනාධිපතිවරයා විසින් ජනතාවට අනිවාර්යෙන් සහන ලබා දිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා . කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කලේ. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇය සදහන් කලේ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ විටමින් උනතාවය මගහැරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි .

තව කියවන්​න

සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17ත් 20 ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් පසුව මේ බව අනාවරණය වූ බවයි අමාත්‍යවරයා සදහන් කලේ. මේ හේතුවෙන් ගොවි ජනතාව සිය වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ඉල්ලිම් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වගා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහනක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.…

තව කියවන්​න

අයහපත් කාලගුණය සමඟ මහනුවර – මහියංගනයේ රඹුක්කන ප්‍රදේශයේදී තාවකාලික පළතුරු වෙළෙඳසැලක් මතට පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් බවයි. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි නිලධාරීන් පිරිසක් මතට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී තුවාල ලැබූ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු බණ්ඩාරවෙල පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

තව කියවන්​න

ඉදිරි සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, එළඹෙන අගහරුවාදා දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කලේ. එමෙන්ම එළඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය අදාළ කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ඉදිරි සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව, එළඹෙන බදාදා දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව මෙම කාරක සභාව හමුවට කදවිමටයි පියවර…

තව කියවන්​න

ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපල තවකාලිකව වසා දමා තිබෙනවා. සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මගීන් 3,200 කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. සන්නද්ධ පුද්ගලයෙකු දරුවකු පැහැරගෙන ගුවන් තොටුපලට පැමිණිමත් සමගයි මෙම තත්ත්වය මතුව ඇත්තේ. අදාළ සන්නද්ධ පුද්ගලයා එම දරුවා ප්‍රාණ ඇපකරුවකු ලෙස තබා ගෙන ඇති බවද සදහන්. එසේම අවස්ථා දෙකකදී සන්නද්ධ පුද්ගලයා විසින් අහසට වෙඩි තබා ඇති බවත් ක්‍ඊී ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ජර්මානු විශේෂ බලකාය විසින් ප්‍රා ඇපකරු නිදහස් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න