- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා. මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ. එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම්…
මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මීට පෙර ගොවීන්ට පොහොර ලබා දීම සිදු කෙරුණේ වවුචර්පත් නිකුත් කිරිම මගින්. මේ අතර, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නියඟයෙන් වගා හානි සිදු වූ වලව ගොවීන් වෙත වන්දි ලබා දීම ද සිදු කරන බවයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව පත් කෙරුණු අන්තර් පාලන මණ්ඩලයේ සාමාජිකයන් සහ අරමුණ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්. අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රීතව විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සුදු කරනු ලැබ ඇති දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හෙයින් සහ අදාළ කටයුතු ස්වාධීනව විනිවිදභාවයකින් මෙන්ම විශ්වාසනීයව ඉටු කිරීමට අවස්ථාව සලසාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය නොවැම්බර්…
ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධයාක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ලාෆ්ස් ගෑස් සමාගම නොවැම්බර් මාසයේදීත් පැවැති මිල ගණන් යටතේම ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක පෙර පැවැති මිල වන රුපියල් 3985ක මිලටම මෙම මාසයේදීද පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1595ක් වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. හත් දෙනෙකුගේ යුත් මෙම කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා දරනු ලබනවා. සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, අයිරාංගනී පෙරේරා යන මහත්ම මහත්මීන් සහ උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන හය දෙනායි. ඒ් අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු ලැබෙනවා.
වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා. ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක බහු ආංශීය පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු ව්‍යාපෘතිය වශයෙන් මෙය සිදු කෙරෙනු ඇති. මේ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නිශ්චිත කාලසීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇති බවයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කලේ. මේ අතර රට තුල වසර 25කින් පමණ කිසිඳු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුව නැති බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහ්ත්මිය චෝදනා කරන්නේ. ඇය සඳහන් කරන්නේ මෙරට…
ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කලේ සිනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කලද එම මිලට වෙළඳපොල තුල සිනි මිලදී ගත නොහැකි බවයි. මේ අතර ගැස් සහ සිනි මිල ඉහල යාම හේතුවෙන් ආපනශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහාල දැමුනා. කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කලේ ගෑස් සහ සීනි මිල ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බවයි. මේ අතර එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු…
මඩකලපුව චිත්තාණ්ඩියිල් ප්ර දේශයේදී ගවඝාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු අද (05) දින මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව චිත්තාණ්ඩි කෝවිල ඉදිරිපිටදී එම් ප්ර දේශයේ ගොවීන් පිරිසක් විසින් ගව ඝාතනයට එරෙහිව සහ අනවසර ඉඩම් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට එරෙහිව උපවාසයක් ආරම්භ කොට තිබුණි. අදාල උපවාසයට සහය ලබාදීම සඳහා යාපනය සහ මඩකලපුව සරසවිවල සිසුන් පිරිසක් විසින් අද දින උපවාසය පැවති ස්ථානයේදී විරෝධතාවක් පැවත්වූ අතර විරෝධතාවය අවසානයේදී සන්ධීවේලී පොලීසිය විසින් පොදු ප්රවවාහනයට බාධා කිරීම යන චෝදනාවන් මත අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සිසුන් පිරිස එරාවුර් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන…
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කලේ ඊට අදාළ රුධිරය ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාද අවසර ලබාදී ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් එන්නත් කුප්පි රෝගීන්ට නිර්දේශ කළ කමිටුවට ඊට අදාළ කිසිදු විශේෂඥයෙකු සිට නොමැති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.
නේපාලයේ තවත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ අද අලුයම කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 169ක් උතුරින් වූ ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි. එම භූ කම්පනය, රිච්ටර් මාපාංක ඒකක 3.6ක ප්‍රබලත්වයකින් සටහන් ව ඇති බව සඳහන්. මේ අතර පසුගිය 03 වැනිදා රාත්‍රියේ බටහිර නේපාලයට බලපෑ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 157ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222