Author: Anura Premakumara

රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඩුබායි රාජ්‍යයේ සිට අදාළ රත්රන් සහ ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළ හරහා ඔහු ගෙනවිත් තිබුණා.

තව කියවන්​න

‍ෙප්‍රවිණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඒ මහතා 60 වියේ පසු වූවා.

තව කියවන්​න

ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කලුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව සදහන්. කෙසේ වෙතත් අද දිනයේද ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින්ට එරෙහිව ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. මේ අතර ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාල ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද නිකුත් කළා. ඒ, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම පත්වීම සිදුකර ඇත්තේ. එහිදී ටී ටුවෙන්ටි ලෝක…

තව කියවන්​න

2024 වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි 19  වන දා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පාසල්වල 3 වන වාරයේ  පාසල් නිවාඩුව ලබන දෙසැම්බර් 22 වන දා ආරම්භ වීමට නියමිතයි. එම පාසල් නිවාඩුව ලබන වසරේ පෙබරවාරි මස 02 වන දා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

තව කියවන්​න

විදුහල්පති සේවයේ පවතින ගැටලු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබදව ගුරු සහ විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටා්ර්ලිං මහතා.

තව කියවන්​න

ක්‍රීඩා අමාත්‍යංශය ලේකම්වරයා අද ජනාධිපති කාර්යාල වෙත කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වනවා. මේ අතර කඩිනමින් නැවත වරක් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව පත්කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසනවා. ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තමාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා. තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින්…

තව කියවන්​න

බණ්ඩි පොහොර මිල තවත් සියයට 50 කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ වනවිට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 28,600 ක් පවතිනවා. එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩුකිරීම මගින් සියයට 50 ක මිල අඩු කිරීම සිදුකළ හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ

තව කියවන්​න

දිවයිනේ බොහෝ පළාත්වල  අද  පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන්. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ඇතුළ කරුණානායක මහතා . මේ අතර ඉදිරි පැය කිහිපය තුළ දැදුරුඔය නිම්නයේ…

තව කියවන්​න

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනක රත්නායක මහතා කිරුලපන පොලීසියට යොමු කළ පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශන අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 38 සහ 40 යන වයස්වල පසුවන පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින  රැස්වීමට නියමිතව  තිබෙනවා . පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ  රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කරනු  ලැබුවා . නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ  සි .සී .ටී .වී  දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය  කර තිබෙනවා . ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව…

තව කියවන්​න