- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෙරටට ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ලැබී ඇති බවත් එය පරීක්ෂණාගාර මට්ටමින් තහවුරු කර ඇති බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. එහිදි ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබියදී එම ඉන්ධන තොගය මේ වන විට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි. මේ සදහා පිළිතුරු ලබා දුන් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ පරික්ෂණ මට්ටමෙන් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ඉන්ධන බෙදාහැරීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි. මේ එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඇති වූ සංවාදයයි.
රාජාංගණය, අංගමුව, කලා ඔය, උඩවලව, තබ්බෝව සහ මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු රැසක් විවෘත කර තිබෙනවා . මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මී ඔය, ඌරු බොකු ඔය, උඩවලව ඔය, කලා ඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ යනාදියෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර බදුල්ල, මහනුවර, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද දිනය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අභියාචනාධිකරණය මගින් දින 14ක් සඳහා අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ුපසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000 ක් වටිනා ඩීසල් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අදාළ සහනය රජය විසින් ලබා දෙන්නේ, පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන රුපියල් 15,000 සේ දීමනාවට අමතරවයි. නියඟය හේතුවෙන් පසුගිය යල කන්නයේ වගා කළ අක්කර 65,000 ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.
අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍යධුරය ඔහුට ලබා දීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි.
සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා මෙම දිනවල පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කෙරෙමින් පවතින බවටයි ඒ මහතා කියා සිටියේ. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු පාලනය සදහා ඉදිරියේදි නව අධිකාරියක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම හෙට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර එළඹෙන බ්‍රහස්පතින්දා දින සබරගමුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා . මීට අමතරව මෙම සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව…
එළඹෙන 15 වනදා සිට ඩෙංගු මර්ධන රාජකාරීවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. එමෙන්ම, හෙට සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සියලුම වාර්තා අත්හිටුවීමට සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගී වීම ද නතර කර ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 2 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළේ, ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යාමට සාපේක්ෂව දීමනාව ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පැවසුවේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ද සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් තවදුරටත් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කළ බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පසුගිය දා ඇති වූ ගැටුමට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය අතර මෙම ගැටුම සිදුව තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු කමිටුව අද රැස් වූ බවයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ. එමෙන්ම මීළඟ කමිටු රැස්වීම ලබන 09 වන දා කැඳවීමට තීරණය කළ බවද ඔහු සදහන් කළා. ඪදසජැ ක්‍මඑ – අජිත් රාජපක්ෂ
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගෙන් ඒ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා. මෙම ප්‍රතිදේහජනක ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222