- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවත හා සමීප කලාපයට ඇතුලු වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා. ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් පවසන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිබ්, ගුවන් සහ මුහුදු හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් උතුරෙන් සහ දකුණෙන් නගරයට “කුණාටුවක් බඳු ප්‍රහාරයක්” එල්ල කළ බවයි. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ යුද්ධයේ මරණ ප්‍රමාණය සිතා ගැනීමට අපහසු බවයි.
පෘතුගාල අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෘතුගාල අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්ටාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා විමර්ෂණය කිරීම සඳහා ඔහු ධුරයෙන් ඉල්ලා අස්වු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පෘතුගාලයේ සිදුකෙරෙන හයිඩ්‍රජන් වායු ව්‍යාපෘති හා ලිතියම් කර්මාන්තයේ සිදුවන දුෂණ සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.
මෙරට ජනගහනයෙන් සියයට 14.6 ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කරන්නේ මේ වන විට දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හදුනාගෙන ඇති බවයි. ඉන් පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියාව ප්‍රමුඛතාවයක් ගනු ඇති බව ද සදහන්. නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් වැළකීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම හරහා දියවැඩියාව මුල් අවස්ථාවේදීම සුව කර ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න මහත්මිය සදහන් කළේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය.
වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් යළි දිවයිනට පැමිණ තිබෙනවා . ඒ, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්. එමෙන්ම දෙදහසකට අධික ගෘහ සේවිකාවන් පිරිසක් කුවේටයේ සිටින අතර ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි තානාපති කාර්යාලය පවසන්නේ . මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කර ගැනීමෙන් සහ දඩ මුදල් අහෝසි කර ගැනීමෙන් පසු මෙම පිරිස මෙරටට ගෙන්වා ගෙන ඇති බව සදහන්
කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. මේ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනේනේ. මෙහිදි ඉදිකිරීම් ස්ථාන , පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල මෙන්ම පෞද්ගලික කාර්යාලය ඇතු`ඵව ස්ථාන රැසක් ඩෙංගු බෝ වන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන ඇති බවටයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එළඹෙන 15 වන දා සිට ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින…
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුලත නව මැතිවරණ ක්‍රමයට අදාළ කෙටුම්පත සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද සදහන්. මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාළව නීති සැකසීම ඇතු`ඵ කරුණු කිහිපයක් මුල්කරගනිමින් පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පිහිටවනු ලැබුවා. එම නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දැයි සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ. විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුැවයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා තිබුණා. ඪදසජැ ක්‍මඑ – මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා. ඪදසජැ ක්‍මඑ –
අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද දින මෙලෙස පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඪදසජැ ක්‍මඑ – මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා විසින් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් මෙලෙස කරුණු විමසා සිටියා. ඪදසජැ ක්‍මඑ – මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා. ඪදසජැ ක්‍මඑ –
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ දින පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද තහනම් නියෝගයක් හේතුවෙන්. අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය
ගාසා තීරය මේ වන විට සුසාන භූමියක් බවට පත්ව ඇති බව ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා . ඔහු කියා සිටියේ ඉන් වැඩි බලපැමක් එල්ල වී ඇත්තේ ළමුන්ට බවයි. ප්‍රහාර හමුවේ ගාසා තීරයේ මේ වනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දස දහස ඉක්මවනවා. ඉන් 4100 ක් ළමුන් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ.හ වහාම සටන් විරාමයක් සඳහා අවතීර්ණ විය යුතු බවට එම සංවිධානය යළිත් අවධාරණය කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222