Author: Anura Premakumara

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී සබරගමුව විශ්වවිද්‍යාලය කමිටුව හමුවට කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවද රැස් වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුතු ස්වාධීන කමිටුවක් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කිරීමට කැප වී සිටින බවයි. මේ අනුව ස්වාධීන කමිටුව පිහිටුවීම සදහා පසුගියදා ගැසට් නිවේදනයක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද පුද්ගලයින්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

මේ මස අවසානය වන තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, අද දිනයේත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද හටගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ .

තව කියවන්​න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව 2014 වසරේ සිට 2023 සැප්තැම්බර් දක්වා අය කර නොගත් ආදායම රුපියල් බිලියන 4.8 ක් බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉන්ධන තොග වශයෙන් බෙදාහැරීමේ පාඩුව රුපියල් මිලියන 218 ක් බව අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ටාර්වරිය යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නොවැම්බර් මස 22 වන දා දක්වා ඇය යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. කූඨ ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුනා.

තව කියවන්​න

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍යවරයා අත්සන් තබා ඇති බව සදහන්. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසනවා.

තව කියවන්​න

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා තනතුරෙන් ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ඉවත් කළ බවයි. ඒ අනුව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවා තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්ට දැඩි චෝදනා එල්ල වුණා.

තව කියවන්​න

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවැරදි නොවන චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම අරමුණ බවයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත එම තරගාවලිය සම්බන්ධයෙන් කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා. මේ අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය යළි ස්ථාපනය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5 ක් වියදම් කර ඇති බවට කර ඇති චෝදනාව අසත්‍ය බවත් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

තව කියවන්​න

මෙම මස අවසානය වන තෙක් සවස් කාලයේදී තද සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව අද දිනයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කළේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා කියා සිටියේ දැදුරු ඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ තවදුරටත් සු`ඵ ගංවතුර මට්ටමක පවතින බවයි. මේ අතර කොළඹ ඇතු`ඵ තදාසන්න ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ඇති වූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීම් රැසක් ද වාර්තා…

තව කියවන්​න