Author: Anura Premakumara

මෙම දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා ආදි එළවළු රැසක ග්‍රෑම් 250 හේ මිල රුපියල් 100  ඉක්මවා ඇති බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් පෑලියගොඩ මැනිනං පොදු වෙළදපොල ඇතුළුව වෙළදපොල්වල් තුළ එලවළු කිලෝග්‍රෑමයක මිල සටහන්ව ඇත්තේ 300 ත් 400 ත් අතර සීමාවක බව සදහන්. අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටයි වෙළදුන් පවසන්නේ.

තව කියවන්​න

තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා . නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වුණා . කෙසේවෙතත් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා . එමෙන්ම ඊයේ දින සිට දින 3 ක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනු…

තව කියවන්​න

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ අතර අදාළ විවාදය අතරතුරදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා. එහිදි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. එමෙන්ම අදාළ ප්‍රකාශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බලධාරින්ගෙන් එක් අයෙකු මේ වන විටත් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි. මේ සදහා අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා…

තව කියවන්​න

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

තව කියවන්​න

දඹුලු රජමහ විහාරය ඉදිරිපිට මල් අලෙවි කරමින් ජීවත් වූ සිව් දරු මවක් දඹුල්ල තුඹකරවිල වැවේ මල් කැඩීමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.තලතා සීමති ප්‍රේමසිරි (52) හැවිරිදි සිව් දරු මවක්. මල් නෙළීම සඳහා ටියුබ් එකකින් ගමන් කරමින් සිටියිදී එම් ටියුබ් එක පෙරැළි දියේ ගිළී මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ගොඩගෙන දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. රෝහල් ගත කරන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

තව කියවන්​න

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සිටින සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් මිය යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160 ඉක්මවන බවයි. හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට පැමිණ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇරඹි මෙම ගැටුම ගාසා අග නගරය මධ්‍ය දක්වා ද පැතිරි ඇති බවටයි වාර්තා වන්නේ. ඊශ්‍රායල් ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇත්තේ සිය සෙබ`ඵ ගාසා නගර අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. මේ අතර ගාසා නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ඉවත්ව යාමට පැය 4 ක මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීමට ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිවිල් වැසියන් 50,000 කට අධික…

තව කියවන්​න

වර්තමානයේ තවත් වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් රට හැරදා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා . මෙලෙස එක්වරම වෛද්‍යවරුන් රැසක් රට හැරදා ගියහොත් මෙරට රෝහල් පද්ධතිය සියයට 25 කින් පමණ බිදවෙටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ .

තව කියවන්​න

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ රැසක් වාන් දමමින් පවතින අතර රාජාංගණ ජලාශයේ වාන් දොරටු 06ක් මේ වන විට විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අවදානම් නිවේදනය අද දිනය සඳහාත් වලංගු වන අතර, දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

මෙරට තුළ පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු මරණ හතරක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 43ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ඊයේ දිනය දක්වා ඩෙංගු රෝගීන් 70,178ක් වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

දියවැඩියා රෝගය මෙරට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියා . මේ හේතුවෙන් එළබෙන නොවැම්බර් මස 11 වෙනි දින උදෑසන 7.00ට පාගමනක් ඇතුළුව විශේෂ වැඩටහනක් සංවිධනය කර තිබෙනවා . ඒ නොවැම්බර් මස 14වන දිනට යෙදී ඇති ලෝක දියවැඩියා දිනයට සමගාමීවයි . මේ ඒ පිළිබදව අදහස් පළකල ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පලකළ විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය.

තව කියවන්​න