- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා. මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම විවෘත…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ
විරෝධතාව අතරතුරදී අත්අඩංගුවටගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු සිසුන් 22 දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ඊයේ විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර, එහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කළේ. එහිදි මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසූවා. මෙම විරෝධතාවය අතරතුර ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වුණා.
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 41 වැනි තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05 පරාජයක් අත්විඳීමට ඊයේ සිදු වුණා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්. මෙහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 58ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 48ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටේරන්ට් බෝල්ට් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලොකී ෆර්ගසන්, මිචෙල් සැන්ට්නර් හා රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 172ක් ලබා…
කුඩා භූ කම්පන දහස් ගණනක් ඇති වීම හේතුවෙන් අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක් මතුව තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් අග සිට මේ දක්වා කුඩා භූ කම්පන 20,000ට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම පසුගිය පැය 24 තුළ පමණක් කුඩා භූ කම්පන 1,400ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගිනිකඳු පිපිරීමක් සිදු වන්නේ නම් ඒ අවට සිටින ජනතාවට ආරක්ෂා වීම සඳහා ස්ථානයක් නම් කර ඇති බවට එරට ආරක්ෂක අංශ සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
දුෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. අදාළ විවාදය ඊයේ දිනය පුරා පැවති අතර ක්‍රිඩා අමාත්‍යවරයාගේ පිළිතුරු කතාවෙන් පසුව යෝජනාව සම්මත වු බව කානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊට ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවුණා. යෝජනාව සම්මත වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යට අදහස් පලකළා. අදාළ යෝජනාවට නම් වශයෙන් ඡන්දය ලබා දීමේ අවස්ථාව කතානායකවරයා විසින් අහිමි කළ බවයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.
තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමේ සුදානමක් පවතින බවයි. ඊට විරෝධය පළකරමිනුයි තැපැල් සේවකයින් පැය 48ක සංකේත වැඩවර්ජනය නිරත වුණේ. කෙසේවෙතත් මෙම ගැටළුවට විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ. මේ ඒ පිළිබද අදහස් දැක්වු එහි සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා.
නව ක්‍රිඩා පනතක් හදුන්වාදීමට අදාළව පත්කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසිනුයි අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ. අදාළ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. එමෙන්ම විධිමත් කෙටුම්පතක් සකස් කර නව ක්‍රිඩා පනතක් සකස් කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙනවා. පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සදහා ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කළ යුතු බව අදාළ වාර්තාවේ මුලික නිර්දේශය ලෙස දැක්වෙනවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සහ මෙම ගැටළුය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ…
ආහාර උද්ධමනය 2024 වසරේදී තවදුරටත් අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ද ඉදිරි වසරේදී පාලනය කළ හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඊට අදාළව ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි නලීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – නලීන්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222