Author: Anura Premakumara

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසනවා . අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ එවැනි දීමනාවක් ලබා නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි.

තව කියවන්​න

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවයි . වෛද්‍යවරුන් රැසක් තවදුරටත් විදේශගත වීමට සූදානමින් සිටින බවත් ඔහු මෙහිදී අනාවරණය කර සිටියා .

තව කියවන්​න

තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල පුද්ගලික අංශයට ලබා දීමට එරෙහිව තැපැල් සේවකයින් පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වූ අතර තැපැල් භාණ්ඩ රැසක් බෙදාහැරීමට නොහැකිව තිබුණා. කෙසේ වෙතත් තැපැල් සේවකයින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර රජය ලබාදෙන තීරණ අනුව ඉදිරියට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කළේ

තව කියවන්​න

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි. ඒ සඳහා ආර්ථික, ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු  කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන  තිබෙනවා . කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ජාවාරම හසු වී ඇති බව සදහන්. නාවික හමුදාව සඳහන් කළේ මත්පෙති පන් ලක්ෂ 70,000 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවයි . අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 39 යන වයස්වල පසුවන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන් . වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව  තිබෙනවා

තව කියවන්​න

සාමාන්‍ය වැසියන්ට පිටව යාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 4 ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය එකඟතාව පළ කර තිබෙනවා. මීට පෙර ඊශ්‍රායලය කිසිදු සටන් විරාමයකට එකඟ නොවූ අතර එය ඉතා යහපත් ප්‍රතිඵලයක් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා නගරයේ ප්‍රධාන රෝහල් 2 ක් අවට මේ වනවිට දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. පසුගිය මස හත් වනදා ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 4,400 ක් ඇතුලුව 10,800 කට අධික පලස්තීනුවන් පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,400 දෙනෙකු ද මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවත් කර ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීමක් භාරදීමට පියවර ගෙන තිබෙන බවත් ඊට හේතුව විෂය භාර අමාත්‍යවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ. කෙසේ වෙතත් ඉවත් කළ ප්‍රධාන විධායක නිලධාරිවරයාට මෙතෙක් වගකීමක් පවරා නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

තව කියවන්​න

එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළේ නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී එක්වරක් පමණක් භාවිතයට ගන්නා භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසයි

තව කියවන්​න

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව අදාළ ක්‍රමවේදය අවස්ථා 3 ක් යටතේ ක්‍රියාවට නංවන බවටයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. මේ අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරමින් පරිසරයට සිදුවන හානිය ද අවම කර ගන්නා ලෙසටයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අදහස් පළ කර සිටියේ.

තව කියවන්​න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යෑමට සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභා නිලධාරි පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රඡාතන්ත්‍රවාදයට මරු පහරක් බවටයි ඒ මහතා කියා සිටියේ. එමෙන්ම එළඹෙන වසරේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මහින්ද දේශප්‍රිය මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ

තව කියවන්​න