Author: Anura Premakumara

2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ නියමිත දිනට උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි. එමෙන්ම දීපලාදි දිනය වෙනුවෙන් ලබන 13 වන සදුදා දිවයින පුරා පිහිටි දමිල පාසල් සදහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. එම නිවාඩු දිනය ආනවරණ කිරීම සදහා ලබන 18 වන සෙනසුරාදා දමිල පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

2024 මුල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විසර්ජන කෙටුම්පත පිළිබද දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව මුදල් කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බවයි. ඉදිරි අයවැයට අදාළව මුදල් කාරක සභාව මගින් ද පසු විපරමක් සිදුකළ යුතු බව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

තව කියවන්​න

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් චෝදනාවක් මත ඔහු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සදහන් කළේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදීයි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් තිදෙනා අතර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ද වන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2024 වසරේදී නව ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට රජය සැලසුම් කර තිබෙනවා. ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේ ක්‍රිඩා සම්මේලනවල පවතින ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා අදාළ නිලධාරින් ක්‍රිඩා අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කාරක සභව හමුවට කැදවා ඇති බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ජාත්‍යන්තරය සමග ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දියාව සහ කලාපීය විස්තීරණය සහයෝගිතා සංගමයේ රටවල් සමග ආර්ථික සහයෝගිතාව ඇතිකර ගැනීම මෙන්ම යුරේපා සංගමය සමගද සබදතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ගෝලිය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. ණය අර්බුද, දේශගුණික විපර්යාස,වෙළද ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු සියලු දේ එකිනෙකට සම්බන්ධව පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් එහි වගකීම් බරපතල ලෙස උල්ලංගනය කරමින් සිටින බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වනවා.

තව කියවන්​න

කොළඹ මරදාන ප්‍රදේශයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ සිසුන් විසි දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා. සබරගමු සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා. පසුව එම විරෝධතාවයට එක් වු වෛද්‍ය පීඨ සිසුන් විසි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

තව කියවන්​න

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට යොමු කර තිබෙනවා. අදාළ ආයතනයන්හි වාර්ෂික ලාභාංශ ලෙස භාණ්ඩගාරයට ලබා දෙන රුපියල් මිලියන 925 ක මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද සිදු කෙරුණා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350 ක්, සීමා සහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300 ක් සහ බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100 ක් මෙලෙස පිරිනමා තිබෙනවා. එමෙන්ම ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100 ක් සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75 ක් මහ භාණ්ඩාගාරයට පිරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තව කියවන්​න

දීපවාලි දිනය වෙනුවෙන් දමිළ පාසල් සදහා නිවාඩු ලබා දීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති දමිළ පාසල්වලට එළඹෙන 13 වන සදුදා දින නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. නිවාඩු ලබා දෙන දිනය වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දිනයේදී දමිළ පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී තමා විසින් පෞද්ගලික නීතිඥවරු මාර්ගයෙන් නීතිමය කටයුතු සිදු කරන බවටයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ. යුක්තිය උදෙසා අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යෑමට තමා අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර අද දින විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා විසින් විශේෂ අනාවරණයක් ද සිදු කළා. එහිදි ඔහු සදහන් කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කිරීමට පිරිසක් විසින් කටයුතු…

තව කියවන්​න