- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
වක්‍ර රැකියා සිදුකරන වෘත්තිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි. ගාල්ල, උණවටුන ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව වක්‍ර රැකියා කරන වෘත්තිකයින් සදහා පාරිතෝෂිත දිමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ වැඩිම රෝගින් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. ඩෙංගු ව්‍යාප්තිය පාලනය සදහා ලබන සදුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ ඩෙංගු වැළදුනු රෝගින් 44 දෙනෙකු මියගොස් ඇති බවයි.
අයිස්ලන්තයේ නිරිතදිග රොයින්ජාන්ස් අර්ධද්වීපයේ ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එම කලාපයේ ගිනිකදු පිපිරීම් සිදුවීමේ ඉහළ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රොයින්ජාන්ස් අර්ධද්වීපයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. දැඩි අවධානමකට ලක්ව ඇති ග්‍රින්ඩාවික් ගම්මානයේ පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් රජය ලබා දී ඇති විසදුම් කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළා.
රටතුළ සුදු සීනිවල හිගයක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් වෙළදුන් සීනි තොග සගවාගෙන සිටිම සීනි හිගයට හේතුව බවයි. සීනි සදහා පාලන මිලක් නියම කිරීමට ද රජය පසුගියදා කටයුතු කර තිබුණා. කෙසේවෙතත් ඇතැම් වෙළදුන් වැඩි මිලට සුදු සීනි අලෙවි කරන බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.
ජී මේල් ගිණුම් මිලියන ගණනක් අක්‍රිය කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා. ලබන මාසයේදී මෙම ගිණුම් අක්‍රිය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වසර ගණනාවක සිට භාවිතයට නොගන්නා ගිණුම් මෙලෙස ඉවත් කිරීමට නියමිතයි. අවම වශයෙන් වසර දෙකක් ඇතුළත ජී මේල් ගිණුමක් භාවිත කර නොමැති නම් එම ගිණුම් අක්‍රිය කරන බව ගූගල් සමාගම දැනුම් දී තිබෙනවා.
දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , මධ්‍යම , සබරගමුව , දකුණ , වයඹ සහ ඌව පළාත් වල මිලිමීටර් 50ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට සවස් කාලයේදි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 05කින් ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 247ක් ලබා තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අස්මතුල්ලාහ් ඕමර්සායි නොදැවී ලකුණු 97ක් සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වැන්ඩර් ඩූසන් නොදැවී ලකුණු 76ක් රැස් කළා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි. චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අතරතුර ලබන 15 වැනිදා ඔහු සහ ඇමරිකානු ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති. චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මේ වසරේ ඔක්තෝබර් මාසය තුළදී පමණක් වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙකු දුෂණයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවේ ඒ අතරින් දරුවන් 10 දෙනෙකු ගර්භණිභාවයට පත්ව ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළා. පසුගිය සැප්තැම්බර් මාසය තුළ ද ගැහැණු දරුවන් 168 දෙනෙකු දුෂණයට ලක්ව ඇති බව ද රේණුකා ජයසුන්දර මහත්මිය සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222