- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ , කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු විසින් ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කර කප්පම් ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්.
අදට යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් මහතා සඳහන් කළේ. තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව එම දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදුන් බවයි ආමාත්‍යවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඔහු මෙලෙස පැවසුවේ අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි . ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් සිදු කර නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා .
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව සඳහන්. ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙගින් මෙමෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
ඊර්ෂ්‍යාව හා කුහකත්වය කේන්ද්‍ර කර ගනිමින් රටක් ඉදිරියට ගෙනයා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒ ආකාරයෙන් කිසි විටෙකත් සංවර්ධනය කරා ලඟා විය නොහැකි බවයි. මහරගම ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කලා.
සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 5ක වාර්ෂික ලාභාංශය වූ රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල් කලා. මේ අතර, බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවක නිරත වුනා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා .
ගාසා තීරයේ උතුරු පළාතේ සිටින සිවිල් ජනතාවට ආරක්ෂාකාරීව දකුණු පළාතට සංක්‍රමණය වීම සඳහා දිනකට පැය 4ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය සූදානම් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය මානුෂීය ආධාර සඳහා උපායශීලි හමුදා විරාමයක් වනු ඇතැයි ද සදහන් .අමෙරිකාවේ ඉල්ලීම මත ඊට එකඟතාව පළ කළද, එය සටන් විරාමයක් නොවන බවයි ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ . පැය 4ක හමුදා විරාමය ලබා දෙන්නේ සිවිල් ජනතාව වෙනුවෙන් බවත්, එය කිසිදු අවස්ථාවක හමාස් සංවිධානයට ලබා දුන් සටන් විරාමයක් නොවන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේනවා . ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයින් තමන් භාවිතා කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තම ජාතික හැඳූනුම්පත් අංකය යටතේ නිකුත් වී ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත්ව සිටිය යුතු බව ඔවුන් දැනුම් දෙනවා. තමන්ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පතක් ලියාපදිංචි වී ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු වනවා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ලබන 13 වනදා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මේ සඳහා පෞද්ගලික නීතිඥවරුන් පිරිසක් සම්බන්ධ කර ගන්නා බවද ඔහු සඳහන් කලා. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් යොමු කරන්නැයි විපක්ෂ තුළු මන්ත්‍රීවරුන් රැසක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව සදහන් .
ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ ,කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා. එමෙන්ම ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත අයිසීසී රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිත බව තවදුරටත් වාර්තා වනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්ි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට අත්හිටුවා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222