Author: Anura Premakumara

හෙට සිට විශේෂ ඩෙංකු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වැඩිම රෝගින් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ ඩෙංගු වැළදුනු රෝගින් 44 දෙනෙකු මියගොස් ඇති බවයි.

තව කියවන්​න

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා හි ජලය, ආහාර හා විදුලිය අවසන් වී ඇති බව වාර්තා වනවා. එහි ශල්‍ය වෛද්‍යවරයකු මේ බව සදහන් කළා. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද ඊශ්‍රායලය පහර දී තිබෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානයට පහළින් ඇති උමං මාර්ගවල සිට හමාස් සටන්කාමීන් ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල හමුදාව නැවත නැවතත් චෝදනා කර ඇති අතර එය හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි.

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහි තරගය ලකුණු 93කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්ථානයට පන්දුවාර 43යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 244ක් පමණයි. මෙම පරාජයත් සමග පාකිස්ථානයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉවත් වීමට සිදුවුණා. ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගය සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. ලබන 15 වනදා වන්කඩේ ක්‍රිඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවන අර්ධ අවසන් පුර්ව වටයේ තරගය ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වීමට…

තව කියවන්​න

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි මහතා සඳහන් කළේ . යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ අදාළ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

තව කියවන්​න

ලබන වසරේ සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා 10%ක වැට් බද්දක් අය කිරීමට තීරණය කර ඇතැයි වර්තවනවා. වැට් බද්ද 18%කින් ඉහළ නැංවීම යටතේ මෙය සිදු කිරීමට නියමිත බව සඳහන්. පසුගිය දා පැවති රජයේ මුදල් කාරක සභාවේදී මේ පිලිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව අදාළ කාරක සභාවේදී අනාවරණය වූයේ, පෙට්‍රල් සහ ඩීසල් ගාස්තු 10%කින් වැඩි වනු ඇති බවයි. මේ අතර බලශක්තිය පිළිබද ආයතන විදේශිය කරණය කිරීම මගින් රටේ දේශපාලන ස්වාධීනත්වයට බරපතල අවදානමක් මතුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා. සියයට 18කින් වැට් බද්ද වැඩි කිරීම පිළිබදව ද විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පලකළා. මේ අතර ආණ්ඩුව මගින් සෑම…

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනය තුළද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම ඊට හේතු වී තිබෙනවා. උතුරු , උතුරු මැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කරනු ඇති. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තව කියවන්​න

සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රාතැබීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙදසැල් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා. දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. නව සද උදාවීමට සමගාමිව යෙදෙන දීපවාලි උත්සවය අයහපත පරදා යහපතත් , අදුර පරදා ආලෝකය උදාවීමත් සංකේතවත් කරනවා. මේ දීපවාලි උත්සවය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්. මේ අතර දීපවාදි උත්සවය වෙනුවෙන් අද දිනය තුළද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ දීපවාලි වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාවගේ පහසුව උදෙසා මෙම බස් සේවා ක්‍රියාත්මක කෙරන බවයි. කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර සදහා මෙම විශේෂ බස් රථ සේවා යොදවා තිබෙනවා.…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි. තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉන්දිය කණ්ඩායම මෙතෙක් තරගාවලියේ ක්‍රිඩා කළ තරග 8ම ජයගෙන අපරාජිතව සිටිනවා.

තව කියවන්​න

අන්තනගලු ඔය ද්‍රෝණිය ඇතුළු ගංගා කිහිපයකට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක වනවා. මේ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අත්තනගලු ඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ලැබීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජලය රැදී පවතිනවා. මේ හේතුවෙන් ඒ අවට මාර්ග සහ කුඹුරු ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න