Author: Anura Premakumara

ශ්‍රී ලංකාව මුහුණදුන් අදුරු සමය පළවා හැර අලෝකය පිරි සංවර්ධන මාවතකට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දීපවාලි දින වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. රටක් ලෙස පසුගිය වසර දෙක තුළදී ඉතා අදුරු සමයකට ගත කළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. සශ්‍රිකත්වයේ පහන් එළි රටතුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. ඒ සදහා ජනවර්ග අතර සාමය සංහිදියාව හා සදාකාලික සහජීවනවෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි දිනය ආශිර්වාදයක් වේවායි ජනාධිපතිවරයා සිටි දීපවාලි පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා.

තව කියවන්​න

මෙවර මහ කන්නයේ දී කීරි සම්බා වගා කිරීම සඳහා වැඩි වශයෙන් ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ දිනවල වෙළෙඳ පොල තුල කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුනත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇති බව සඳහන්. කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක වෙළඳපොල තුල අලවි වන්නේ රුපියල් 305-310…

තව කියවන්​න

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ, ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

තව කියවන්​න

අලුත් රාජ්‍යක් ගොඩනැගීම සදහා පැහැදිලි සැලැස්මක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කර මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ නව රාජ්‍යක් ගොඩනැගීම සදහා ජාතික ජන බලවේගය මැදිහත්ව කටයුතු කළ යුතු බවයි. රටේ පවතින දේශපාලන තත්ත්වය මත ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවේ ප්‍රබල ස්ථානය පසුවන බවයි වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේ.

තව කියවන්​න

ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට තමන්  සුදානම් බව  ඊශ්‍රායල හමුදාව   ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රදේශයේ දැඩි ගැටුම් පවතින අතර ඉන්ධන අවසන්වීමෙන් අලුත උපන් බිළිදුන් දෙදෙනෙකු මියගොස් තවත් බිළිදුන් විශාල පිරිසක් අවදානමට ලක්ව ඇති බව  හමාස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා දේශසීමාව අද දිනයේ යළි විවෘත කිරීමට සූදානම් බව ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක්.2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත්  ආර්ථික විශේෂඥයින් පවසන්නේ සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් ජනතාවට ඒ පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකි බවයි.…

තව කියවන්​න

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මහනුවර සිට මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. දුම්රිය ධානවය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

තව කියවන්​න

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිදු බලපෑමක් එල්ල නොවු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මහේල ජයවර්ධන මේ බව සදහන් කළා. මෙම විශේෂ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියා. ඉන්දීය කණ්ඩායම හමුවේ තරග කිරීමේදී දුර්වල ක්‍රිඩා විලාශයක නිරතවීමට බලපෑමක් එල්ල වුයේදැයි මෙහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් විමසා සිටියා. ලෝක කුසලාන තරගාවලියේ ලැබු අමිහිරි පරාජය පිළිබද මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.

තව කියවන්​න

පසුගිය සමයේ සිදු වූ තරග පරාජයන් වලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වගකිව යුතු නොමැති බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම ගැටලුව පිලිබදව ජනතාවගේ මතය තමා හට දැනගැනීමට අවශ්‍ය බවද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා . කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කලේ මෙරට ජනප්‍රියම ක්‍රීඩා තුනම ජාත්‍යන්තර තහනමට ලක් කිරීමට අවස්තාව සැලසු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා වාර්තාවක් තබා ඇති බවයි . ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මෙම අදහස් පල…

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා  ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කලේ . ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව යෝජනාවක් සම්මත කර ගැනීමට කටයුතු කලේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියා .

තව කියවන්​න