Author: Anura Premakumara

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්‍රක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. මේ අතර ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියකද නිකුත් කර තිබෙනවා.…

තව කියවන්​න

හැටන් නගරය අවලස්සන කරන ටියුෂන් ගුරුවරුන්ට රතු එළි දැල්වීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන තිබෙනවා. හැටන් නගරයේ අමතර පන්ති පවත්වන සමහර ගුරවරුන් නගරයේ තැන තැන ඉවක් බවක් නොමැතිව පෝස්ටර් ඇලවීමත් සමග හැටන් නගරයේ බොහෝ ස්ථාන අවලස්සන තත්ත්වයට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන් පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ මෙලෙස නගරය අවලස්සන කරන අමතර පන්ති ගුරුවරුන්ට මෙය නතර කරන ලෙස දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි. එලෙස නොකරන අමතර පන්ති ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ නගරාධිපති අශෝක කරුණාරත්න මහතා පවසනවා.

තව කියවන්​න

දෙපැත්තක දේශපාලනය කළත් ලොහාන් රත්වත්තේ හා තමා අතර පෞද්ගලික වෛරයක් නොතිබුණු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් මහතා මේ බව පවසා සිටියා. “මම ඒ කාලේ ඉඳන්ම ලොහාන් රත්වත්තේ මැතිතුමා ගැන දන්නවා.අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා.නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ.එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ කටයුතු හොඳින් කළා.එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි”

තව කියවන්​න

රජයක මූලික අරමුණ ප්‍රජාව සවිබල ගැනීවීම බවත් එය සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඇතැමි ප්‍රදේශවල මේවන විට සිදුවෙමින් පවතින බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මංත්‍රීනායක මහතා පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ ඵල දැරූ ව්‍යෘපෘති මේවන විට එහි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතා ප්‍රමුඛ සමෘද්ධි නිලධාරින් හදුනාගනිමින් සිටින බවත් එහිදී අනුරාධපුර දිස්ත්‍රිකයේ මැදවච්චියේ, ඇතාකඩ බැංකු සංගමයට අයත් පරණහල්මිල්ලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සාර්ථක වූ කැවැන්ඩිස් කෙසෙල් වගාව පිළිබඳ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇති බවඳ ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලීමට කොළඹ සිට සමෘද්ධි…

තව කියවන්​න

වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු අඹන්පොළ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත් බවයි වාර්තා වන්නේ. අඹන්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා. තම ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයා වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

හබරණ – ත්‍රීකුණාමලය මාර්ගයේ තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර අසූවක් සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. යුද හමුදාව සහ පොලිසිය එක්ව ගින්න හටගත් ප්‍රදේශයේ එක් කොටසක් නිවාදැමීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තලපත්කන්ද දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ කළු දුමාරයක් නැගෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජන ජීවිතයට සහ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වැසිත් සමග තද සුළං තත්ත්වයක් සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් හැටන් කොළඹ, හැටන් නුවරඑළිය මාර්ගවල රථ වාහන ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමගින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර පවතින වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. අද(17) දින වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි…

තව කියවන්​න

මාතර තණමල්විල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ගස් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, බස් රථයක් සහ වෑන් රථයක් මතට මෙම විශාල ගස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. ගස කඩා වැටීම නිසා එම රථ වාහනවලට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වනවා. ගස කඩා වැටීමෙන් යතුරු ප ැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවත් තුවාලකරුවන් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. එහිදී බරපතල තත්ත්වයේ පසු වූ පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙරට විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490 දෙනෙක් පමණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම එම පිරිසෙන් බහුතරය විශ්‍රාම වැටුපෙන්ම ජීවන පිරිසක් බවද කරූ ජයසූරිය මහතා කියා සිටියා. එසේම ප්‍රධාන පෙලේ පක්ෂ නායකයන් සිව්දෙනෙක්ද අදාළ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන බවයි ඔහුf පන්වා දුන්නේ. කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ මහජන නියෝජිතයන් ලෙස පත්වන සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බවයි. එසේම ඉතා අසීරුවෙන් දිවිගෙන මෙම පිරිස් සම්බන්ධයෙන්…

තව කියවන්​න

මදනමෝදක ගුලි දෙකකට තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයක් ලෙස පිලියෙළ කරගනිමින් පාලනය කළ තරුණයෙක් අධික ලෙස මත්වීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ක් පමණ වයසැති එම තරුණයා සමාජ මාධ්‍යයක මදනමෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා එම ප්‍රායෝගිකව සිදුකර පානය කිරීමෙන් පසු එම තරුණයා අධික ලෙස මත්වීමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව…

තව කියවන්​න