Author: Anura Premakumara

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි ඊයේ පස්වරුවේදී පැවැත්වුණා . මේ සදහා එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන මහත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ . මෙහිදී සභාව අමතමින් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සමාජ පරිවර්තනය සදහා ජනතාවගේ සාමුහිකත්වය අතවශ්‍ය බවයි .

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා . මෙම වියදම් සාරාංශය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ මුදල් වියදම් කළ ආකාරය පවසන ලෙස කළ අභියෝගයෙන් අනතුරුවයි . එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබාදී ඇති අතර මේ වනවිට එම මුදලෙන් රුපියල් 25 න් කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබෙනවා . ඒ අනුව තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව…

තව කියවන්​න

2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා . ඒ අනුව අද සිට ලබන 21 වන දා දක්වා දින 7 ක් දෙවනවර කියවීම සදහා වන විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ . එමෙන්ම 21 වනදා පස්වරු 6 ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ද පැවැත් වීමට නියමිතයි . මේ අතර ඊයේ දිනයේදී 2024 වසර සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිකිරීම් අංශයට ද සහන ලබා දීමට මෙවර අයවැයෙන් කටයුතු කර ඇති බවයි . මේ අතර ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබුවා . කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නියෝජනය…

තව කියවන්​න

ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා . එයට සමගාමිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිම අරමුණූ කර ගනිමින් ඊයේ දිනයේදී මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත් වුණා . මෙරට ජනතාවගෙන් සියයට 11 ක් පමණ දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවයි එහිදී අදහස් දක්වමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා  ප්‍රකාශ කලේ . අදාළ රෝගීන් වසරකට වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු විය යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා . එමෙන්ම දෘෂ්ඨි විතානය පිළිබද අක්ෂි ශල්‍ය වෛද්‍ය මංගල ධනපාල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසුවේ මෙරට ජනගහනයෙන් මිලියන 03 ක් ප්‍රතිකාර ලබාගන්නා දියවැඩියා රෝගීන් ලෙස හදුනාගෙන ඇති බවයි .

තව කියවන්​න

ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රවය ජාවාරමේ යොදුණු වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපපොලිස් පරීක්ෂක කේ.ඩි.එච්.කේ. ගයාංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නොවැම්බර් 12 වනදා කුරුණෑගල, තෙලියාගොන්න පල්ලිය අසල දී සිදු කරන ලද වැටලීමකදීයි. එහි දී කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ලෙස සකස් කර ලද පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මෙම වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා…

තව කියවන්​න

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. එම ඉදිරිපත් කිරීම සජීවිව පහතින් නරඹන්න.

තව කියවන්​න

බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ ඊයේ ඇති වූ නායයාමකින් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම නායයාම හේතුවෙන් නිවාස 03කට පමණ හානි සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එක් නිවසක සිටි මව,පියා සහ දියණියන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර නායගිය ස්ථානයේ පිහිටි තවත් නිවාස කිහිපයක සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් නායයාමේ අවධානම තවදුරටත් පවතින බැවින් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ කටයුතු අද දිනයේදී සිදු කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය සදහන් කළේ.

තව කියවන්​න

ඩොලර් මිලියන 517.4ක මුදලක් විදේශගතව සිටින ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය පවසන්නේ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය ධුරයේ වැඩි භාර ගැනීමෙන් පසුව පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 7.6ක මුදලක් ලැබී ඇති බවයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ඉකුත් වසරේ ඔත්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව 45.63%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද අමාත්‍යංශය පවසනවා. එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලක් ලැබී…

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය මේ වන විට සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා .තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් පමනක් දැවී ලකුණු 410 ක් ලබා ගත්තා. එහිදී ශේයර්ස් අයියර් නොදැවී පන්දු 94 කින් ලකුණු 128 ක් රැස් කල අතර කේ .එල් රාහුල් ලබා ගත් ලකුණු සංඛාව 102 ක්. පන්දු යැවීමේදී බැස් ද ලීඩ් ලකුණු 82 කට කඩුළු 2 ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව ඉන්දියාවේ බෙන්ගලුරු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්ත කණ්ඩායමට…

තව කියවන්​න

2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක්. 2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් ජනතාවට ඒ පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකි…

තව කියවන්​න