- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෙරට රත්‍රං මිල ගණන් යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැට දහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. මෙම සිසුවා සිය මිතුරන් සමග නිවසේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අවස්ථාවේ මව පැමිණීමත් සමග කලබල වී ජනේලයකින් පළායාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලීසිය සදහන් කළේ. ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ව්‍යාජ දුරකථන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගන්නා ලෙසයි.
හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමි වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා මෙම යුධ ගැටුම් ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර 500ට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 11,200ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හමාස් සංවිධානයේ සාමාජිකයන් 1,200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිළ වශයෙන් තහවුරු වී තිබෙනවා.
දීපාවලි දින සැමරුමෙන් අනතුරුව ඉන්දියාවේ වායු දුෂණය තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා . ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බැවින් එහි ජනතාවට ශ්වසන අපහසුතා හටගෙන ඇති බවයි . දිල්ලියේ මාර්ග දූවිලි සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් ඒවායේ ගමන් ගන්නා විට මාර්ගයේ මීටර් කිහිපයක් නොපෙනෙන බවද ඔවුන් සඳහන් කළා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සදහන් කළේ. එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු සදහන් කළා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා. ඒ, පසුගිය 10 වනදා පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්නට සිදුකරන ලද ද්වේශ සහගත චෝදනාවක් සම්බන්ධයෙනුයි. මෙහිදී මන්ත්‍රීවරයා සහකාර මහලේකම්රයාට අශෝභන අයුරින් බැන වැදුණු බවයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට සභාගර්භය තුළ චෝදනා සිදුකර ඇති බවටද මීට පෙර අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණය වී ඇති බවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙමගින් පෙන්වා දෙනවා.
පදවිය, රුවන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රුවන්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝර්කල් සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා. පසුගිය ජූනි මාසයේ දී දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මෝර්කල් පාකිස්තාන කණ්ඩායම සමග ගිවිසුම්ගත වූයේ මාස හයක කාලයක් සදහායි. ඔහුගේ පළමු වගකීම බවට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට දී පැවැති ටෙස්ට් තරගාවලියයි. මෝර්කල් වෙනුවට පත් කරන නව පන්දු යැවීමේ පුහුණුකරු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙනවා. පාකිස්තානය මීළගට ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ඕස්ටේරලියාවට එරෙහිව දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222