- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි. ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැදවනු ඇති. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ඊයේ ලබා දුන්නා. එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලා.
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාවද යළි නඟාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එමෙන්ම රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් මෙවර ඉදිරිපත් කල බවද ඔහු සදහන් කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි . ඔහු පැවසුවේ රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළට සියලු දෙනාගෙන් සහාය අවශ්‍යය බවයි .
අස්වැසුම ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් අද දිනයේ ගෙවන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි . මේ අතර ලබන ජනවාරි මාසයේ සිට අස්වැසුම දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කරන බව එම මණ්ඩලය පවසනවා.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව,දකුණු, මධ්‍යම,උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතු`ඵ පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයින්ට ද මෙම තීන්දුව අදාළ වනවා. ඒ අනුව මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම නඩුව ගොනු කර ඇති වගඋත්තරකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මුල්‍යාධාර ලබා දීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගිනුයි මෙම මුල්‍යාධාර ලබාදීම සිදු කරනු ලබන්නේ. ඒ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා අදාළ අරමුදල් හිමි වනු ඇති. එහිදී තෝරාගන්නා සිසුන් සඳහා රුපියල් 25,000 ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාර ලබා දීමට නියමිතයි. මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
රාත්‍රී කාලයේදී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ සහ ක`ඵතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා තැපැල් කාර්යාලවලින් මෙලෙස දඩ ගෙවීමේ හැකියාව පවතිනවා. ඒ අනුව සීතාවකපුර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබෙනවා. එමෙන්ම දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, ක`ඵතර යන තැපැල් කාර්යාලවලින් ද මෙම සේවාව ලබා ගත හැකියි.
විදුලි පාරිභෝගිකයින් සදහා ක්‍රියාත්මක කරන ඊ-බිල්පත් සේවාව සදහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ මෙම සේවාව සදහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. එමෙන්ම REG හිස්තැනක් විදුලි ගිණුම් අංකය හිස්තැනක් ලෙස සදහන් කර 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් ද ඊ-බිල්පත් සේවාව සදහා ලියාපදිංචි විය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විතව මෙම නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර ඇති බව සදහන්. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වන දා කැඳවීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී තිබෙනවා. එමෙන්ම මින් ඉදිරියට අතුරු කමිටුව පත් කරන්නේ නම් ඒ සදහා කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් සදහා තමන් බදවා ගත් බවට ලිපියක් තමන් වෙත ලැබී තිබු බවයි ඔහු පෙන්වා දෙන්නේ. එවැනි තනතුරක් බාර ගැනීම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුමැතියක් නොතිබුණු බැවින් එම තනතුර බාර නොගත් බවයි ඔහු සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222