Author: Anura Premakumara

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබා දී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී ඔහු මේ බව අනාවරණය කළා. මේ අතර සිය ඥාතීන් සහ හිතවතුන් පිරිසක් ඕස්ටේ්‍රලියාවේ පැවති 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සදහා රැගෙන ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා මහතා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබෙනවා. එහිදි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද අදහස් පළ කළා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්…

තව කියවන්​න

දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය දීර්ඝ කර තිබෙනවා. අද පස්වරු 3 දක්වා එම නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. ඒ අනුව හම්බන්තොට, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සදහා මෙම නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. මේ අතර හාලිඇල, උඩුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  විමසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන් දමන බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කලා. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි…

තව කියවන්​න

2023, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. විභාග මධ්‍යස්ථාන 2888 කදී සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ එකක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.

තව කියවන්​න

රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වසර 100 ක පමණ පැරණි රැඟුම් පාලක පනතක් බවයි. කොළඹදී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

ගාසා හි විශාලතම රෝහල් සංකීර්ණයට ඊශ්‍රායල සෙබළුන් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසනවා. එම රෝහලේ රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ. එමෙන්ම අද අලුයම අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත්තා. කෙසේ වෙතත් එම රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණ දෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතු`ඵ පර්ශව විසින් චෝදනා කර තිබුණා. ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි ඊශ්‍රායලය සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් අද අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීම මෙම හමුව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම්, යුක්රේන යුධ ගැටුම්, මැතිවරණ මෙන්ම දෙරට අතර පවතින අමනාපකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමෙරිකාව පවසා තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පින් 2017 වසරින් පසුව පළමු වරට අමෙරිකාවේ සංචාරයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා. පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන්  අතර සිදු වූවා යැයි, තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනයකොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කථානායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව කථානායකවරයා විසින් පත් කිරීමටය් කටයුතු කළේ. ඒ අනුව මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ,ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්,තලතා අතුකෝරල සහ…

තව කියවන්​න

බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සිව්දෙනාගෙන් සිරුරු සොයාගෙන තිබෙනවා. පසුගිය ඉරිදා රාත්‍රියේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් වූ අතර, දින දෙකක් පුරා සිදු කළ මෙහෙයුමෙන් අනතුරුවයි මෙම සිරුරු සොයාගෙන ඇත්තේ. ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදු කරනු ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණියන්න දෙදෙනායි. ඔවුන් වයස අවුරුදු 45, 40, 16 සහ 10 යන වයස්වල පසුවන බවයි පොලීසිය සදහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.

තව කියවන්​න

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අද ආරම්භ වනවා. ඒ අනුව පළමු අවසන් පූර්ව වටයේ තරඟය ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අද තරඟවැදීමට නියමිතයි. ඉන්දියාවේ මුම්බාහි වංකඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ වන විට තරගාවලියේ ඉන්දීය කණ්ඩායම අපරාජිතව පසුවන අතර නවසිලන්තය කණ්ඩායම තරග 5 ක් ජයගනිමින් මෙම තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

තව කියවන්​න

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල අයවැය සිහින ලෝකයක සිට සකස් කර ඇති  බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මතා පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

තව කියවන්​න