- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා . ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපති කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබුනැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ස්පයිසි සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බවයි.
විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා . එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ දෙහිවල, රත්මලාන, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි. ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලා අපහාස නඩු ගොනු කළ බවයි. ඔවුන් එම නඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඇයගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත් කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. සිය පෙත්සම විනිසුරුමඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අගවිනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.
ෙවව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී විකෘති වූ කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පවසනවා. අදාල කාන්තා මළසිරුර පිළිබඳ ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාළ වැවට ගොස් මළසිරුර ගොඩට ගැනීමට කටයුතු කරන ලදී. සොයාගත් කාන්තා මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ අත් දෙක සහ එක් පාදයක් නොතිබූ බවටද අත් දෙක හා පාද යමෙක් විසින් කපා ඇතැයිද සැක පල කරන හෙයින් මෙය ඝාතනයක් විය හැකි බවටද පොලීසිය සැක පල කර සිටිනවා. එමෙන්ම කාන්තාවගේ සිරුර ස්ථාන රැසකින් සතුන් විසින් කා දමා ඇති හෙයින් හඳුනාගැනීමටද අපහසු වන අතරම මෙම මළසිරුර දින කිහිපයක්…
අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා කියා සිටියේ දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක් පමණ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බවයි. අදාළ ඩීසල් සොරකම පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා සිදුව තිබෙනවා. සොරකම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා. අදාළ කමිටුව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ වාලම්පුරිය රුපියල් ලක්ෂ පහක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ඊයේ(14) දිනයේදී සැකකරුවෙකුද සමගින් වාලම්පුරිය අත්අඩංගුවට ගැනුණු බවයි. දියතලාව, කහඹිලියාව නව ගම්මානයේ පදිංචි වයස අවුරුදු 22ක් වූ තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සැකකරු වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව වැටලීමක් සිදු කර තිබෙනවා. එම වැටලීමේදී අදාළ සැකකරු සහ වාලම්පුරිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් හය දෙනෙක් පමණ රෝහල්ගත කර ඇති බවට වාර්තා වන්නේ. එලෙස තුවාල ලැබූ සිසුන්ගෙන් දෙදෙනෙක් ගැහැනු ළමුන් වන අතර සෙසු සිව් දෙනා පිරිමි ළමුන් වනවා. එලෙස තුවාල ලැබූ ළමුන් අතරින් පස් දෙනෙක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් සිසුවා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හයක් පමණ වූ 1 වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙහන්සා නෙත්සරණි නමැති දැරියකි. වේරගොඩ කනිස්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කෙන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි V News වාර්තාකරු කියා…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා. ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතු`ඵ වෘත්තිය ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලමින් මෙලෙස රාජකාරිවලින් ඉවත් වූ බවයි එම සංගමය පැවසුවේ. එමෙන්ම පසුගිය 23 වනදා සිට මෙම ගැටලුවලට විසදුම් ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගෙන තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222