Author: Anura Premakumara

නවක හෙද නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද සිදුකෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන්. මෙහිදී රෝගි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව නවක හෙද, හෙදියන් 2,519 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට නියමිතයි. 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලාව සම්පුර්ණ කළ හෙද නිලධාරීන් සදහා මෙලෙස පත්වීම් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළෙ

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සදහා අයෝජනය කිරීමට එක්වන ලෙසයි ජනාධිපතිවරයා සිංහල සහ දෙමල ඩයස්පොරාවන්ගෙන් ඉල්ලා ඇත්තේ. කොළඹදී පැවැති ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රට දියුණු කිරීම සදහා එක්වීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත්වගොස් තිබෙනවා. පසුගියදා පැවැති මාලදිවයිනේ ජනාධිපතිවරනයෙන් ජයගත් මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්‍රාප්තිය සදහා එක්වීමට ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

තව කියවන්​න

රටේ සමස්ථ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම රජයේ අපේක්ෂාව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත මහතා මේ බව ප්‍රකාශ කළා. භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයින්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සදහන් කළේ. ලබන වසරේ පළමු කාර්තුව තුළ සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද අශෝක ප්‍රියන්ත මහතා සදහන් කළා. මේ අතර රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද ඊයේ කොළඹදී මාධ්‍යට අදහස්…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනක් එල්ල වී ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ක්‍රිඩා අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිදුකර ඇති තර්ජනාත්මක ප්‍රකාශ හමුවේ මෙම තත්ත්වය මතුව ඇති බව ද රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නා. මේ අතර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව අතිරේක පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොමු කළ බව පොලිසිය සදහන් කළා. එමෙන්ම ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දෙන ආරක්ෂාව වැඩි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන්…

තව කියවන්​න

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22 ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර කියා සිටියේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගත් බවයි. අදාළ කාලසීමාව තුළ දිවයින පුරා වැටලීම් 22,000 ක් සිදු කළ බවත් ඉන් 19,000 කට නඩු පවරා ඇති බවත් ඔහු සදහන් කළා.

තව කියවන්​න

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයාද ඊට සහභාගි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. කෝප් කමිටුව හමුවට ඊට අදාළ නොවන පුද්ගලයින් හට පැමිණීමට නොහැකි බවත්, එවැනි පසුබිමක රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබා දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවටයි. එහිදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

තව කියවන්​න

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇති බව සදහන් . ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළා. ඊයේ දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 6 දෙනෙකු එම…

තව කියවන්​න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ. මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝම්බර් මස 15 වන දින පැවැත් වූ අතර සිසුන් තුන් ලක්ෂ තිස් හත්දහස් පන්සිය අනු එකක් විභාගය සඳහා පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් පවසනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඌව සහ මධ්‍යම පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම…

තව කියවන්​න

සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබෙනවා . මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බව සදහන් . නොවැම්බර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම් සිදු කර තිබෙනවා. 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත්කිරීම් සිදු කර ඇති බව සදහන් .

තව කියවන්​න