- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519 ක පිරිසකට අද පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා . අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ . ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතයි . මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000 ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද , හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට දේශීය වෙළදපොලේ බිත්තර අතිරික්තයක් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දේශීය වෙළදපොල තුළ රුපියල් 30 සිට 42 දක්වා බිත්තර මිලදී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට පවතින බවයි. මෙවැනි තත්ත්වයක් තුළ කිසිදු ලෙසකින්වත් උත්සව සමයේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු නොකරන ලෙසටයි සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වෙළද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දියතලාව සහ හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම එයට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය දිනවල කිහිප වතාවකදීම මෙසේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය බාධා එල්ල වුණා
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවක් සදහා පරිසර හිතකාමි සහ සහනදායි විසදුමක් හදුන්වා දීමට ලංකා ඊ-මොබිලිටි සොලියුෂන් පුද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා. ඊ-වීල් ලෙස නම් කර ඇති මෙම තීරෝද රථය බැටරි මාරු කිරීමේ තාක්ෂණයෙන් සමන්විත බවටයි එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. මේ අනුව මින් ඉදිරියට ත්‍රීරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායේ ආයු කාලය අවසන් වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවන බවටයි ඒ මහතා සදහන් කළේ. විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරිය වන අතර මෙම නව ක්‍රමවේදය මගින් බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අද දින පැවැත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසු ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහායි. ජනාධිපතිවරයා ඇතු`ඵ දූත පිරිස ඉටිහාර්ඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ පස්වරුවේදී කටුනායක ගුවන් තොටුපලෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ග්‍රෑන්ඩ්පාස් , කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝට් 60,000ට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක් සමග රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීස සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ වන්නේ 154 යි. බදුල්ල, මොනරාගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල කඩයිම් ලකුණ වන්නේ 149යි. එමෙන්ම හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 ක් ලෙසයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙනවා. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදුකරන ලෙසයි ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත්තේ. අදාළ මාධ්‍ය නිවේදනය මගින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරඟ පාවාදීම, දුෂණය , නීතිවිරෝධි මෙහෙයවීම පිළිබද කාරණා තමන් දන්නා බවට සිදුකර ඇති ප්‍රකාශයට බරපතල බවයි ක්‍රිඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නව මිල පාලනය සදහා නියාමනය සිදුකිරීමට ආදළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222