- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරනවා. නමුත් වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනස් විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම සභාපතිවරයා සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළ වෙත ලබා දීම හරහා මේවන විට බිත්තරයක් රුපියල් 35.00 – 40.00 අතර මිලකට අලෙවි කිරීමේ හැකියාවක් ද පවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට වෛද්‍ය පාලිත මහීපාල මහතා පක්කර තිබෙනවා. ඔහු හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වනවා. එමෙන්ම පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල දරන බවයි වාර්තා වන්නේ. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මීට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.
ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජය ගන්නා බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ් මහතා මේ බව කියා සිටියේ සිය 78 වන ජන්ම දිනය නිමිත්තෙන් ගැබිණි මව්වරුන් පිරිසකට දිවා ආහාරය පිරිනැමීම හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ පින්කමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉදිරියේදී මොන ඡන්දයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජය ගන්නා බවයි. එසේම ඒ්සේම ඒ් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම හොඳ සූදානමකින් සිටින බවයි. එසේම සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවවට ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී…
ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලය එකග වී තිබෙනවා. ඇමරිකාව විසින් කළ ඉල්ලීමකට අනුවයි ඊශ්‍රායලය මෙම එකගතාවට යොමු වී ඇත්තේ. ඒ අනුව එක්වතාවකට ඉන්ධන ලීටර් එක්ලක්ෂ හතලිස් දහසක් ලබා දීමට නියමිතව තිබෙනවා. ගාසා තීරයේහි බිදවැටී ඇති සන්නිවේදන සබඳතා මේ වන විට අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල වෙත ඉන්ධන ඇතුළු සැපයුම් නතර වීම හේතුවෙන් මේ වන විට රෝගීන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා . ඒ අතර, නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා බිළිඳුන් තිදෙනෙකු ද වන බව සදහන් . හමාස්…
පාසල් දරුවන් සදහා නොමිලේ පාවහන් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලේ පාවහන් ලබාදීමට සැලසුම් කර ඇති බවයි. අදාළ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. පාර්ලිමේන්තුවේදී ඊයේ(17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රිඩක වහාබ් රියාස් පත්කර තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකළ බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වෙනස් කිහිපයක් ද සිදුකර තිබෙනවා. බාබර් අසාම් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වු අතර වේග පන්දු යවන ක්‍රිඩක ෂහීන් ෂා අෆ්රිඩි නායකත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණා.
යල කන්නයේ වගා හානි සිදුවු ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර හෙට සිදුකිරීමට නියමිතයි. මෙහිදී රුපියල් මිලියන 389ක් ගොවීන් අතරේ බෙදාදීමට පියවර ගන්නා බවයි රක්ෂණ මණ්ඩලය සදහන් කළේ. ඒ අනුව ගොවීන් 250 දෙනෙකු සදහා වන්දි පිරිනැමීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියගයෙන් හානියට පත්ව තිබුණා. එමෙන්ම අධික වර්ෂාවත් සමග අස්වැන්න නෙළිමට නොහැකි වීමෙන් කුඹුරු අක්කර 11000ක් විනාශ වී ඇති බවට හානි තක්සේරු කර තිබෙනවා.
බස්නාහිර පළාතේ පාසල්වලින් සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ පසුගිය දිනවල සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව එය තහවුරු වූ බවයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සියලුම මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශ කිරීමේ බලය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා ඇති බව සඳහන්.
ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්වෙනවා. එහි පළමු තරගය ලෙස මෙල්බන් ස්ටාර්ස් කාන්තා කණ්ඩායම සහ හෝබාට් හරිකේන්ස් කාන්තා කණ්ඩායම තරග වැදීමට නියමිතයි. එමෙන්ම දෙවන තරගයේදී බි්‍රස්බේන් හීට් කාන්තා කණ්ඩායම සහ මෙල්බන් රෙනගේඩ්ස් කාන්තා කණ්ඩායමයි තරග වැදීමට නියමිතව ඇත්තේ.
වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතු`ඵ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් සදහනක් කළා. එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර සිටියේ ඊට අවශ්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මතු කළ කාරණයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. එහිදි විපක්ෂ නායකවරයා සදහන් කළේ ශ්‍රේෂ්ඨාධීකරණය දීර්ඝ වශයෙන් සලකා බලා ලබා දුන් තීන්දුවකට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය නොවන බවයි.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222