Author: Anura Premakumara

අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර්හි මනෝ චිකිත්සක රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. සන්නද්ධ සැකකරුවෙකු විසින් රෝහල තුළ දී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ආරක්ෂක නිලධාරියෙකු අදාළ ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. අදාළ පුද්ගලයා මෙම ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ රෝහලේ රෝගින් 185ක් පමණ නේවාසික ව ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. බරපතළ තුවාල ලැබූ සැමියා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්දිය සම්බන්දයෙන් 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු  ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පවසනවා . කෙටි කාළීන සැළසුම් වලින් බැහැරව දිගු කාළීන සැළසුම් සකස් කර කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතු බවයි ඔහු පැවසුවේ . ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමයෙන් පිදුම් ලැබු අරවින්ද ද සිල්වා දිවයින්ට පැමිණිමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වායි  .

තව කියවන්​න

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 6.7 ක් ලෙස සටහන් වී ඇති බවයි. මෙම භූ කම්පනය ඉන්දුනීසියාවට සහ මැලේසියාවටද දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙලෙස බිද වැටීමකට ලක්ව ඇති බවයි. එම යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වු හදිසි බිදවැටීම හමුවේ ඊයේ රාත්‍රියේ සිට එය ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කැලණිත්ස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සදහා තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ අනුව බලාගාරයේ කටයුතු සති 06ක නඩත්තු කටයුත්තක් සදහා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ වංචාවන්ට සම්බන්ධ බවට සැකකරමින්. එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදාහැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් අධිකරණය මගහැර විදේශ ගතවීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කර තිබෙනවා. එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් 9…

තව කියවන්​න

තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බුදයට විසඳුමක් නොවන බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා . එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව  වෙනුවෙන් මන්ත්‍රීවරු නමින් සංසදයක් ස්ථාපිත කර මන්ත්‍රීවරුන් 225ටම ආරාධනා කොට ක්‍රිකට් පිළිබද විමර්ශනයක් සිදු කළ හැකි බවයි . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කලා . මේ ගැන සෙවීමට විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ බවද ඔහු සඳහන් කලා . මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ක්‍රිකට් තරග ජාත්‍යන්තරයට  විකුණා ඇතැයි විපක්ෂ නායක සජිත්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අතර මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයිනේ  අභිනව  ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීම සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වූයේ.

තව කියවන්​න

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංගය කථානායකවරයාට භාර දෙන බවයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න