- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ඊයේ සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි. දඩල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලක් අසලදී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. ඔවුන්, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ සමීප මිතුරන් වන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදියි මෙම ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ. ඔවුන් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ නිරතව ඇති බවයි වාර්තා වන්නේ. මේ වසරේ මේ දක්වා කාලය තුල මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 196ක් සහ ධීවර යාත්‍රා 29ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් වාරියපොළ , නිකවැරටිය, මහව, කොබෙයිගනේ ප්‍රදේශවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබෙනවා. අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පාකිස්ථානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබා දෙන දෙවන වාරිකය ලෙසයි මෙම පාකිස්ථානයට හිමිවන්නේ. එරට මුල්‍ය අර්බුදයෙන් ගොඩගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 03ක මුදලක් පසුගියදා ලබා දී තිබුණා. ජාත්‍යන්තර මුදල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ පාකිස්ථාන බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි මෙම මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ.
මාරවිල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අතුරුදන් වු පුද්ගලයින් අතර ජපන් ජාතිකයෙකු ද වන බවයි. පසුගිය 18 වනදා ඩිංගි යාත්‍රාවකින් මසුන් ඇල්ලීම සදහා පිටත්ව ගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම යාත්‍රාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන්වු පිරිස සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුමක් ආරම්භ කළ බවයි පොලිසිය සදහන් කළේ.
ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි. සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ඇත්තේ වසට විස්සකට පසුවයි. ලෝක කුසලාන අවසන් මහා තරගය අති උත්කර්ෂවත්ව ඉන්දියාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින අතර, මීට සමගාමීව ගුවන් සංදර්ශනයක් ද සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ සඳහා හොලිවුඩ් පොප් නිරූපිකාවක් වන දුවා ලීපා විසින් ගීත කිහිපයක් ගායනා කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ අවසන් මහා තරගය ආරම්භයට පෙර ගුවන්…
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී තිබෙනවා. අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු මේ පිලිබඳ ප්‍රකාශ කල බවයි අල් ජසීරා පුවත් සේවය නිවේදනය කර ඇත්තේ.. කෙසේ වෙතත් අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි. මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් වැඩි පිරිසක් ළමුන් බව වාර්තා වනවා.
ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කරමින් වෙඩි තැබීම අද(18) පස්වරුවේ සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් ත්‍රිරෝද රථ රියදුරාට වෙඩි වැදී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දැරියක් . බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ හෝටලයක විවේකයක් ගත කිරීම සදහා ඇය සිය මව්පියන් සමග ඊයේ දිනයේදී පැමිණ තිබෙනවා. එහිදීයි ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. දියේ ගිලුණු දැරිය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි. මේ සඳහා වූ තරග විභාගය 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිතයි. අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222