- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේ එය අද දින දක්වා කල් තබා තිබුණා. මෙම පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම හේතුවෙන් මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන අද දින පෙත්සම සලකා බැලීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පසුගියදා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ද ලබා…
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග…
මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා . එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවයි . කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි . අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශයකයෙකු සඳහන් කළා.
මේ වන විට වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක් පැනවීමටයි කටයුතු කළේ. රට තුළ සීනි හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රට තුළ සීනි මෙටි්‍රක් ටොන් 19,000 ක් මේ වනවිට පවතින බවයි. මේ අතර වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි. එහිදී සීනි මිල සහ හිඟයට විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා…
විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා. තමන් පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවක එවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) අදහස් දක්වමින් කියා සිටියා. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි. එසේම අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාගයක් සිදු කරන ලෙසටද කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ. කිසියම් ලෙසකින් තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද, චෝදනාව එල්ල…
යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විලුබල හා බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කරමින් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පතේ තාක්ෂණ අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාතච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහාය පිළිබදවද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡා පවත්වමින් තිබෙනවා.
අනිද්දා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා . සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර කියා සිටියේ. එමෙන්ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගිය 08 වනදාද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනා .
2024 අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට සවස 6.00 ට පැවැත්වීමට නියමිතයි . අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කලා. එමෙන්ම අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් කෑගල්ල සාන්ත ජෝසප් කනිෂ්ඨ බාලිකා විද්‍යාලය සහ සාන්ත මරියා දමිල මහා විද්‍යාලය අද දිනයේ වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබෙනවා. මේ අතර පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර, මධ්‍යම,…
අද දිනයේ තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිතයි . ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සදහා සීඩි වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත එවා තිබූ නමුත් පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් එම නම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබුනා . ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් විසින් එම නම ප්‍රතික්ෂේප කොට ඇති බව සදහන් . කෙසේවෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාට දැනුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යළිත් අද දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. මීට පෙරද ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සදහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කොට එවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222