Author: Anura Premakumara

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබදව අද දින තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ අහමදාබාද් හිදි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව සදහන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී මේ පිළිබදව පු`ඵල්ව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පනවා ඇති තහනම ඉවත් කරන්නේ නම් ඒ සදහා පනවනු ලබන කොන්දේසි පිළිබදවද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්. එමෙන්ම එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළ වී තිබෙනවා. ඒ අනුව පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහා මෙහිදී එකඟතාව පළවූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය සදහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතක සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් ඉදිරියට පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළව තිබෙනවා. ඒ අනුව කාරක සභාවේ සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණය පරිදි සිදු විය යුතු බවට ද මෙහිදී සාකච්ඡා වූ…

තව කියවන්​න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නයක් අසමින් සිටින අවස්ථාවේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි පහකට කල් තැබූ පාර්ලිමේන්තුව විනාඩි 40කට ආසන්න කාලයක් කල්තැබීමෙන් අනතුරුව යළි රැස්ව තිබෙනවා. පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබේ [Nov 21, 2023 at 10:44] විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27-2 යටතේ නගන ලද ප්‍රශ්නයක් ඇසීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5ක කාලයක් සඳහා කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තා. අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාගේ අසුන අසලට පැමිණ කළහකාරී ලෙස හැසිරෙමින් විපක්ෂ නායකවරයාගේ 27-2 යටතේ අසල ලද ප්‍රශ්නයද උදුරා ගනු ලැබූ බවයි වී නිව්ස්…

තව කියවන්​න

ඉතාලියේ විශාලතම මාෆියා කල්ලියකට සම්බන්ධ සාමාජිකයන් 200 දෙනෙකුට වසර 2,200ක සිර දඬුවම් පැවනවීමට එරට අධිකරණයක් කටයුතු කර තිබෙනවා. මෙහිදී විත්තිකරුවන් 100ට වැඩි පිරිසක් නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම නඩු විභාගය සඳහා නීතීඥයන් 600ක් සහ සාක්ෂිකරුවන් 900ක් සහභාගී වී තිබෙනවා. මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ණය ගැනීම්, මුදල් විශුද්ධිකරණය යන චෝදනා මෙම මාෆියා කල්ලයට එල්ල වී ඇති අතර, මෙම කල්ලියේ ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම ඩොලර් බිලියන 60ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරයා, සැපයුම් ගණකාධිකාරීවරයා සහ තොග පාලකවරයා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් පසු වන්නේ, රක්ෂිත බන්ධනාගාරයේයි.

තව කියවන්​න

තාවකාලිකව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමීමට තීරණය කර ඇති බව උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසනවා උප කුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව ද වාර්තා වනවා . කෙසේ වෙතත් විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා .

තව කියවන්​න

පවතින කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් ඒ පිළිබද දැනුම් දීම සදහා හදිසි ඇමතුම් අංකයක් ස්ථාපනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව 117 යන හදිසි ඇමතුම් අංකයට අමතා අදාළ ආපදා තත්වයන් පිළිබද දැනුම්දිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ . අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි .

තව කියවන්​න

ජනතාව අපහසුතාවයට පත්වන තෙක් බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මෙවර අයවැය නිසැකවම වැඩි ඡන්දයෙන් සම්මත වන බවයි නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඒහිදී අවධාරණය කලේ .

තව කියවන්​න

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා . ඒ අනුව තොග වෙළදුන් සතුව ඇති බදු වැඩි කිරීමට පෙර ආනයනය කල සීනි තොග රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ . මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 275 ක මිලකට සතොස සහ සමූපකාර වෙළෙඳසල් හරහා අලෙවි කිරීමටයි පියවර ගන්නා බවයි .

තව කියවන්​න

2024 වසර සදහා වන අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා . පසුගිය 13 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ . ඉන් අනතුරුව පසුගිය 14 වනදා සිට අද දිනය දක්වා ඉරිදා දිනය හැර අඛණ්ඩව දින 7 ක් පුරාවට අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පවත්වනු ලබනවා . මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය ඇත්තේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට ලබන මස 13 වනදා දක්වා දින 19 ක් පැවැත්වීමටයි. එමෙන්ම අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා…

තව කියවන්​න