- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් 10 වැනිදා ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේදීයි. කෙසේ වෙතත් තහනම පැවැතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ ලැබෙන බවටද එහිදී තීරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කරන්නේ. මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹිය නොහැකි බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එහිදී දන්වා ඇති බවයි විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි වැඩිදුරටත් පවසන්නේ. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාද සහභාගි වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව වෙත මාරු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබෙනවා. අදාළ තරගාවලිය එළැඹෙන ජනවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබුණා. රජයේ මැදිහත්වීම පදනම් කර ගනිමින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කර තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ක්‍රීඩා පුවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ. ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැත්වෙනවා. එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ වෙබ් අඩවි වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිණියන් 2287 ක් වසරකදී වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධන වාර්තාවේ දක්වා ඇති බවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියා. මීට ප්‍රධාන හේතුව ලෙස රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ මව විදේශගත වීම, මව – පියා දෙදෙනාම රැකියා සදහා පිටත්ව යාම මෙන්ම මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බවයි. මේ සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දෙන දරුවන් හට නොමිලේ නීති කටයුතු සිදුකරගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවටයි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙකු වස පානය කර පාසලට පැමිණ තිබෙනවා. මෙසේ වස පානය කර ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු බවටයි අප වාර්තාකරු සඳහන් කලේ. අදාළ සිසුවාගෙන් යම් දුර්ගන්ධයක් වහනය වන බවට ඔහුගේ මිතුරන් විසින් ගුරුවරුන්ට දැනුම් දී ඇති අතර එයින් සිත්තැවුලට පත්ව ඔහු වස පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අදාළ සිසුවා ප්‍රතිකාර සඳහා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත් වස පානය කළ සිසුවා රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු තමන්ට…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව රන්න, වීරකැටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ. අදාළ තීරණයට අනුව එම ප්‍රදේශවලට අයත් ජනතාවට සිය ගෙවතුවල පොල් පැල 5 බැගින් රෝපණය කළ යුතු වනවා. මේ සදහා අවශ්‍ය පොල් පැල, පොල් සංවර්ධන මණ්ඩලය විසින් ලබා දීමට කටයුතු කර ඇති බව සදහන්.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී කඩිනමින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ. පවතින කීරි සම්බා හිඟය හේතුවෙන් සම්බා සදහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා. මේ පිළිබදව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා සිටියා. මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.
අද දිනයේදිත් සවස 1 න් පමණ පසුව පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 ක් සදහා නිකුත් කරන ලද නාය යාමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. එමෙන්ම මහ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද දිනයේ සිට ආරම්භ වනවා. මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයන් පමණක් සහභාගී වනු ඇති. පාසල් වලින් තෝරාගන්නා ලද අදාළ ක්‍රීඩකයන් දඹුල්ල, මහනුවර, ගාල්ල, කොළඹ උතුර සහ දකුණ යන කණ්ඩායම්වලට බෙදා තරගාවලිය පවත්වනු ලබනවා. මූලික වටයේ තරගවලින් අනතුරුව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවන ස්ථානවල පසුවන කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොවැම්බර් 29 වැනිදා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඉතා කඩිනමින් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා. ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අත්හිටවුවහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි බවයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු හමාස් නායකත්වය සමග ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතව තිබෙනවා. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ දී ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට රතු කුරුස සංවිධානය මැදිහත්වන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සමාගමක අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් අතර මතුවූ ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට තීරණය කර තිබේ. මෙහිදී අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් ඒ පිළිබඳව මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය විසින් අදාළ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරිය යන වගඋත්තරකරුවන්ට ඊයේ (20) නියෝග කරමින් දන්වා සිටින ලදී. අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන තම සේවාදායකයාට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකරන ලෙස අධිකරණය නිකුත් කල නියෝගය වගඋත්තරකරුවන් විසින් කඩ කරන ලද බවට ඔහුගේ නීතිඥවරයා විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222