Author: Anura Premakumara

සාර්තකව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කළ බව උතුරු කොරියාව පවසනවා. සිය යුධමය ඔත්තු බැලීම සඳහා මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවට උතුරු කොරියාව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මෙම චන්ද්‍රිකාව දියත් කිරීම නිරීක්ෂණය කිරීම සඳහ එක්ව තිබෙනවා. කෙසේ වෙතත් උතුරු කොරියාව සඳහන් කළ ආකාරයෙන් මෙම චන්ද්‍රිකාව සාර්ථකය අභ්‍යාවකාශ ගත කළ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරමින්. සති හයකට වැඩි කාලයක් ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 1,250,307 ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ. මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණ තිබුණේ 2015 ලෝක කුසලානයේ දී යි. නවසීලන්තයේ දී හා ඕස්ටේ‍රලියාවේ දී පැවැති එම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් දස ලක්ෂ 16,420 ක් පැමිණ තිබුණා. එංගලන්තයේ දී හා වේල්ස් හී දී පැවැති 2019 ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින් ප්‍රමාණය…

තව කියවන්​න

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා. ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 03 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබෙනවා.

තව කියවන්​න

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා. නිලධාරීන්ට ”තුවා” ලෙස ප්‍රකාශ කර පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී ඊයේ රාත්‍රීයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි වී නිව්ස් ගුවන්තොටුපොල වාර්තාකරු සදහන් කළේ. පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වැනිදා ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබෙනවා. මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අද කැදවීමට නියමිතයි . එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා. ඒ අනුව අද දිනය තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පසුගියදා අධිකරණයට දන්වා සිටියේ. මේ සම්බන්ධයෙන් සබරගමුව පළාතේ ආණ්ඩුකාර නවින් දිසානායක මහතාද  අදහස් පල කළා.

තව කියවන්​න

බෝවන රෝග පාලන කටයුතුවලින් අද සිට ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර කියා සිටියේ. එමෙන්ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගිය 08 වනදාද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණා.

තව කියවන්​න

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර 2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 45කින් ඊයේ සම්මත වුණා. ඡන්දය විමසූ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 122 ක්ද, විරුද්ධව ඡන්ද 77ක් හිමිව තිබුණා. කෙසේ වෙතත් අයවැයට පක්ෂව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ලබා දුන් අතර චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැහැ. මේ අතර සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු යන පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතම් ස්ථානවලට මිලිමීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම ඉහල ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ජලාශ අවට වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම…

තව කියවන්​න

අධිවේගී මාර්ගයන්හි ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරීවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි එම සංගමය සදහන් කලේ . සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසන්නේ මේ පිළිබදව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද විසඳුමක් නොලැබුණු බවයි. කෙසේ වෙතත් එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

අයවැය 2024 දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 45කින් අයවැය සම්මත වූවා. අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න