- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මහජන ආරක්ෂක පනතේ විධිවිදාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමේ කාලය සම්බන්ධයෙන් නව නීතියක් හදුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වනවා. ඒ අනුව එක් පන්දු වාරයක් යැවිය යුතු නිශ්චිත කාලයක් පවතින අතර කිසියම් කණ්ඩායමක් අවස්ථා තුනකදී එම කාලය සම්පූර්ණ නොකළහොත් අනෙක් පිලට ලකුණු 5 ක් හිමිවනු ඇති. එහි මූලික අත්හදා බැලීම් ලබන මාසයේ සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියේ.
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000 ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සදහා එක්ව ඇති බව සදහන්. කෙසේ වෙතත් මෙම වර්ජනයට පිළියමක් ලෙස අධිවේගී මාර්ග රාජකාරිය සදහා ආරක්ෂක අංශ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මහා මාර්ග අමාත්‍යවරයා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතු`ඵ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දෙසැම්බර් මස 06 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය අද නියෝග කළේ. කූඨ ලේඛන සකස් කරමින්, දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊයේ දින, සභාවේ සිදු වූ විනය විරෝධි ක්‍රියාව හේතුවෙන් මෙලෙස ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටවූ බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව තමා වෙත පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවද කතා නායකවරයා සදහන් කළා.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද කතාවේදියි. එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය 2025 වර්ෂයේදී පැවැත්වීමට කටයුතු යොදන බවයි.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. අප වාර්තාකරු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකු බවයි . එමෙන්ම මෙම නායයෑම හේතුවෙන් වෙළඳසල් 04කට දැඩි අලාභහානී සිදුව තිබෙනවා .
දින 04ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීනුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. අදාළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දිනකට ආධාර ට්‍රක් රථ 300ක් ගාසා තීරයට ඇතුළු කිරීමට ද මේ වන විට අවසර දී ඇති බවයි .
පාකිස්තාන හිටපු ක්‍රීඩකයින් වන උමාර් ගුල් හා සයීඩ් අජ්මාල් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ගුල් විසින් වේග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයටත්, අජ්මාල් දග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයටත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානයට නොහැකි වීමත් සමග එරට ජාතික කණ්ඩායමේ බළධාරීන් රැසකගේ වෙනසක් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් අයතනය පියවර ගත්තා. ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස වහබ් රියාස් ද, කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස මොහමඩ් හෆීස් ද පත් කෙරුණා.
බියගම, වඩුවේගම ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 63ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී වෙළඳසැල් වලට ලබා දුන් නොට්ටු 2ක්ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222