- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
රට බංකොලොත්භාවයට පත්කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන මහජන පෙත්සමක් අත්සන් තැබීම අද සිදු කෙරුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ කොටුවේදී අදාළ මහජන පෙත්සම අත්සන් තැබීම ආරම්භ කළ අතර ඒ සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ද එක්ව සිටියා. රට බංකොලොත් කිරීමට වගකිව යුතු බවට අධිකරණය මගින් තීන්දු කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවයි ඔවුන් සදහන් කළේ. මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් පලකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන්. ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඒ අනුව මාලන් සැමුවෙල්ස්ට එරෙහිව වසර 6 ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බවයි. ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව සඳහන්.
හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එළඹෙන සිකුරාදා දිනට පෙර නිදහස් කරනු ඇති බවට බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වනවා . ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බවයි බී බී සි පුවත් සේවය වාර්තා කළේ. දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද උදෑසන 10 සිට දින 4 ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි කවුන්සිලයේ චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන මස 18 වනදා කොළඹ දී ආරම්භ වනවා. ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ සිම්බාබ්බේ යන රටවල සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩෙසර්ට් ක්ලබ්ස් ක්‍රීඩා ඇකඩමිය විසින් මෙය සංවිධානය කරන අතර ලබන දෙසැම්බර් 24 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනවා. වයස අවුරුදු 13 න් පහළ පන්දුවාර 40 සහ වයස අවුරුදු 15 න් පහළ පන්දුවාර 50 තරග මෙහි දි පැවැත්වීමට නියමිතයි.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව කැළණි,…
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. අයවැය කාරක සභා විවාදය ඊයේ ආරම්භ කරමින් ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59 කින් සංශෝධන සහිතව සම්මත වුණා. මේ අනුව අදාළ විවාදයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 62 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3 ක් පමණයි. මේ අතර අද දින පවතින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්…
තමාව සති දෙකක කාලයක් සදහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කණගාටුව පළ කරන අතර එය සිදු නොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවටයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ. එම තත්ත්වයට පත් වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය වසර කිහිපය තුළදී ආර්ථික ඝාතකයින් ලෙසට අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් වාර්තාවක් කියවන අවස්ථාවේදි පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.…
විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරිමට නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කිරීමේ ගාස්තුව අඩු කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි. විදේශීය චිත්‍රපටියක් මෙරටදී ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේදී මීට පෙර රුපියල් 40,000 ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබුවා. කෙසේ වෙතත් නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පාසල් සිසුන්ට දිවා ආහාරය අසුරාගෙන ආ පොලිතීන් දවටන ආහාරයට ගන්නා ලෙසට බල කළ රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කලාපයේ පාසලකට මාරුකර යවා තිබෙනවා. අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාසල් සිසුන් හට, දිවා ආහාරය අසුරාගෙන ආ පොලිතීන් සහ කඩදාසි බලහත්කාරයෙන් කැවීමේ සිද්ධියක් නාවලපිටිය – රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඊයේ දින වාර්තා වුණා. අදාළ සිද්ධිය පිළිබදව ඊයේ දිනයේදීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන තිබෙනවා. එහිදි අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි. මෙලෙස පොලිතීන් ආහාරයට ගැනීමට…
වර්තමානයේදී ඩෙංගු රෝගයේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම ඩෙංගු ආසාදිත පුද්ගලයින්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ සියයට 25 ක පමණ පිරිසකට බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරී අශානි හේවගේ මහත්මිය සඳහන් කළේ. වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය වැඩ සටහනට එක් වෙමින් ඇය මේ බව සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222