Author: Anura Premakumara

වත්කම් සම්බන්ධයෙන් පැමිණ කටඋත්තර ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. 1997 සිට සිදු කළ ව්‍යාපාරවල විස්තර ඇතුලත් සියලු තොරතුරු ලබා දුන් බව ඔහු පවසා සිටියා. චාමර සම්පත් දසනායක මහතා අද(21) දිනයේ නිති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනිසිටිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,

තව කියවන්​න

එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට(22) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එම සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට පැතුම් නිශ්ශංක, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම ඇතුළත් වනවා. එසේම නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාගේටද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙනවා. සෙසු ක්‍රීඩකයන් හය දෙනා වන්නේ මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුසංකයි. තරගාවලයේ එක්දින තරග දෙක අගෝස්තු මස 29 වැනිදා සහ 31 වැනිදා…

තව කියවන්​න

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ(ලංකා කම්කරු කොංග්‍රසයේ)හිටපු සභාපති සහ වත්මන් නාගරික මන්ත්‍රී රවී කුලුදුවේල් මහතා තම කාර්යාලයට අද(21) දින පැමිණ තමන්ට තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා(ජාජබ) පවසනවා. හිටපු සභාපතිවරයා තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිල්ලක් කිරීමට තමන් පැමිණි බවත් එහිදී කාර්යාලයෙන් එම පැමිණිල්ල බගවන්තලාව පොලිසියට කරන ලෙස ලැබුණු උපදෙස් මත තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවයි සභාපතිවරයා කියා සිටියේ. තම ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සහයකයෙකු ලෙස තරුණියක් වසරක කාලයක් සේවය කර වැටුප් ලබාගෙන තිබූ බවත් එම තරුණිය සේවයට බඳවාගෙන ඇත්තේ හිටපු සභාපතිවරයා බවත් මත්මන් සභාපතිවරයා පවසනවා. පුස්තකාල සහායිකාවගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා…

තව කියවන්​න

හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලදන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ ආගාමික සහ විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට එල්ල වූ චෝදනාවලටයි. හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අමතරව ඇයගේ ඇපකරුවන්ට ද නොතීසිද නිකුත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු හතෙහි සාක්ෂි විභාගයට අද(21) දිනට යෙදී තිබුණා. නඩුව අද(21) කැඳවන අවස්ථාවේදී වගඋත්තකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ආගමන…

තව කියවන්​න

බණ්ඩරගම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද(21) සවස හයට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මෝටර් රථයක සිටි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා. අදාළ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 20ක් පමණ තබා ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වනවා. නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ටී 56 ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

තව කියවන්​න

බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ(20) පස්වරුවේ ඇති වූ ගින්නෙන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. බගවන්තලාව පොලිස් වසමට අයත් ෆොට්රොසෝ වතු යායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ තේ වත්තට ඉහළින් වූ සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ(20) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණා. රක්ෂිතයට දර කැඩීමට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. රක්ෂිතය තුළ පැතිර යමින් තිබූ ගින්න ෆෙට්රොසෝ වතු යායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ වතු කම්කරුවන් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා. මේ අතර, ඊයේ (20) දහවල් බගවන්තලාව ප්‍රදේශයට ඉර මුදුන් වීම නිසා දිවා කාලයේ දැඩි උණුසුම්…

තව කියවන්​න

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු හම්බන්තොට පොලිස් වසමේ නාගරවැව ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීගොඩ, ගැහැනුවල ප්‍රදේශයේදී පසුගිය 12 වනදා ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වන බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකි. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අවිස්සාවේල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කරන…

තව කියවන්​න

හෙට්ටිපොළ, අමුණුකොළේ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ අමුණුකොලේ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 68ක් පමණ වූ අමුණුකොළේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනයට ලක්වූ කාන්තාව තනිවම නිවසේ පදිංචිව සිට ඇති අතර ඇයගේ පුතා සුවදුක් විමසීමට දිනපතා දුරකථන ඇමතුම් ලබාගෙන තිබෙනවා. එහෙත් පසුගිය 19 වැනිදායින් පසු ලබාගත් ඇමතුම්වලට සිය මව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ(20) අලුයම් කාලයේදී නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාවගේ මෘතදේහය හමුව තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්‍ෂණයකින් පසුව මෘත දේහය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන…

තව කියවන්​න

බොරැල්ල, මොඩල්ෆාම් හන්දියේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසිමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ එම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි. ඒ අනුව මෙඩාල්ෆාම් හන්දිය හරහා කොළමට ඇතුළු වන වාහන මොඩල්ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කරන බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක. එසේම රාජගිරිය දෙස සිට කොළඹ ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක. කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස්. සේනානායක හන්දියෙන් වමට හැරී…

තව කියවන්​න

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එසේම ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළඟ සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ…

තව කියවන්​න