Author: Anura Premakumara

ඉතියෝපියාවේ පවතින නියඟය හේතුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මානුෂීය අර්බුදය අයහපත් අතර හැරෙමින් සොරකම් කිරීමේ චෝදනාවෙන් පසු මෙම වර මුලදී අමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අධාර ලබා දීම අත්හිටුවීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම දැඩි නියඟය හේතුවෙන් ගවයන් 4,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවටද වාර්තා වනවා.

තව කියවන්​න

සංචාරක ඔස්ටේ‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟය කඩුළු 02න් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 208ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් පන්දු 50කදී ලකුණු 110ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 209ක් රැස් කර ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ. ඉන්දී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ සූර්යකුමාර් යාදව් පන්දු 42දී වේගවත් ලකුණු 80ක් රැස් කළා.

තව කියවන්​න

පිළිකා සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබා දී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා චෝදනා කළේ අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් රෝගීන්ට ලබා දීමෙන් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවේදී මෙම ප්‍රමිතියෙන් තොර එන්නත් රෝගීන්ට ලබා දී ඇත්දැයි මාධ්‍යවේදීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

තව කියවන්​න

ඉන්දියානු ධීවර යාත්‍රා නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ධීවර කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා. අදාළ කාරක සභාවේදී නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව අවධානයට යොමු කර තිබෙනවා. එහිදී නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාරක සභාව මගින් ලබා දී ඇති උපදෙස් මත නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ප්‍රමානය වැඩි කර ඇති බවයි. එමෙන්ම නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රමානය මේ වන…

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි. ඒ අනුව අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

තව කියවන්​න

ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 76ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 08ක් පමණයි. ඒ අනුව කාරක සභා අවස්ථාවේ සලකා බැලු ශීර්ෂයන් සියල්ල සම්මත වු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂයට අදාළ විවාදයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරමින්. අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් සියයට 90ක් අවසන් කර ඇති බවයි.

තව කියවන්​න

ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා. ඉඩම් හිමිකම් සින්නක්කර ලෙස ජනතාවට ලබා දීම මගින් ඔවුන්ට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සදහා අවස්ථාව හිමිවන බවයි මනුෂ නානායක්කාර මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද දෙවන දිනටත් යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා. ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ අදාළ පෙත්සම අද යළි සලකා බැලීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ගොණුකර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරිමට ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තීරණය අදාළ පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබෙනවා.

තව කියවන්​න

තව දුරටත් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275 ක මිලකට අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් පවසනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රුපියල් 275 බැගින් වූ සුදු සීනි කිලෝග්‍රෑමයක් පමණක් නිකුත් කරන බවයි ඔවුන් සඳහන් කලේ. එමෙනම් දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනිද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කලේ.

තව කියවන්​න

චීනය තුළ හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතීන බවට විදෙස් මාධ්‍ය පවසනවා . එරට නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි. උතුරු චීනයේ ළමුන් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය වාර්තා කර තිබුණා.

තව කියවන්​න