- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඉල් පොහොය වෙනුවෙන් දිවයිනේ ආගමික ස්ථානවල විවිධ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ඉල් පොහොය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් පහතින් ශ්‍රවණය කරන්න.
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පිළිබද පැහැදිලි කරමින් ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා. මෙහිදි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් රට නොමග යවන ප්‍රකාශ සිදු කළ බවයි. ඒ සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද මෙලෙස අදහස් පළ කළා. එහිදි අදාළ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.
පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස ඇතැම් පාසල් රුපියල් 2500 කට වැඩි මුදලක් අය කරමින් තිබෙන බවත්, දුෂ්කර පාසල්වල දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් අදාළ චක්‍රලේඛ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ. ඊට පිළිතුරු ලබාදෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ අදාළ චක්‍රලේඛන වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
ලබන 27 වනදා ජාතික විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කලේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට අනිවාර්යයෙන්ම රුපියල් 20,000 ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවයි. රුපියල් 20,000 ක දීමනාවක් ඉල්ලා සිටින අවස්ථාවේ රජය ලබා දී ඇති රුපියල් 10,000 ක දීමනාව පිළිගැනීමට සුදානම් නොමැති බවයි ඒ මහතා සඳහන් කලේ.
වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළ අගයක පවතින බව වාර්තා වනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක ඊයේ දිනය තුළදී බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවනු ලැබුවා. එමෙන්ම අනෙකුත් එළව`ඵවල මිල ගණන් ද ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. කැරට් මිල ද මිල දර්ශනවල සදහන් වුණේ රුපියල් 250 ත් රුපියල් 350 ත් අතර මිලකටයි. එමෙන්ම දෙහි කිලෝවක තොග මිල මාසයකටත් වැඩි කාලයක සිට පවතින්නේ රුපියල් 1000 ඉක්මවා වන අතර ඉඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2000 ඉක්මවා ඇති බවටයි වී එෆ් එම් ප්‍රවෘත්ති කළ නිරීක්ෂණයකදී අනාවරණය වුණේ.ණ්.
රජයේ රෝහල් තුළ ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්ෂාවන් ඇතු`ඵ සත්කාර සේවාවන් රැසකට අවශ්‍ය සිලින්ජර් වර්ග හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට අදාළ සිලින්ජර් වර්ග කිසිවක් වෛද්‍ය සැපයුම් අංශ තුළ නොමැති බවටයි ඔහු අනාවරණය කර සිටියේ. ඇණවුම් කළ සිලින්ජර තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශ විසින් එම තොග අත්හිටුවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටයි වාර්තා වන්නේ. ඇතැම් සිලින්ජර් තුළ ජලවාෂ්ප ඇතු`ඵ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබදව පැමිණිලි ලැබීම හේතුවෙන් එලෙස තත්තවයෙන් බාල සිලින්ජර් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා. ඒ, මුදල් මණ්ඩලය විසින් ඊයේ දින රැස් වී ගනු ලැබූ තීරණයකට අනුවයි. මේ අනුව නිත්‍ය තැන්පතු පොලී අනුපාතය සියයට 10 සිට සියයට 9 දක්වා පහත දමා ඇති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 11 සිට සියයට 10 දක්වා අඩු කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කර සිටියේ. දේශීය සහ ගෝලීය ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනයන් පිළිබදව සිදුකරන ලද විශ්ලේෂණයකින් අනතුරුවයි මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කළේ.
අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ අතර දීමනා ඉහළ නංවා ගැනීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිය සංගමයේ සාමාජිකයින් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සදහන් කළා
අධික වර්ෂාවත් සමග සිදුවූ ජලගැලීම්, නායයාම් සහ අකුණු අනතුරුවලින් මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ප්‍රමාණාත්මකව අඩුවනු ඇති බවයි. කැලණි, කළු, නිල්වලා සහ වලවේ යන ගංඟාවල වල ජල මට්ටම් මේ වනවිට ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සමග එම ගංගා අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ඊට අමතරව දැදුරු ඔය සහ මහ ඔය සඳහා ගංවතුර අවදානම් නිවේදන නිකුත් කෙරුණු අතර අත්තනගලු ඔය සඳහා මහා ගංවතුර අවදානමක් නිවේදනය කර තිබෙනවා. පවතින වර්ෂාපතනයත් සමග බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222