- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්‍රී ලංකාවේ ඇති කිරීම ප්‍රමුඛ අරමුණ බවයි ජනපති වරයා සදහන් කලේ . සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් .එහි පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ ආරම්භ කලා .
දින හතරක සටන් විරාමයේ නවතම අදියර ලෙස හමාස් සංවිධානය ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනෙකු සහ තයි ජාතිකයන් සිව් දෙනෙකු ලෙස ප්‍රාන ඇපකරුවන් 17 දෙනෙකු නිදහස් කර තිබෙනවා. එලෙස ප්‍රණ ඇපකරුවන් නිදහස් කිරීමෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස හමාස් සංවිධානය විස්න නිදහස් කළ ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනා අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ ළමුන් 07 දෙනෙකු මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන් දෙදෙනෙකුද සිටින බවට වාර්තා වනවා. මේ අතර ඊශ්‍රායලයේ බන්ධනාගාර දෙකක නිදහස් කළ පලස්තීන සිරකරුවන් අතර කාන්තාවන් 06 දෙනෙකු සහ බාලවයස්කාර ළමුන් 33 දෙනෙකු සිටන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. රාජ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. රාජ්‍ය ඇමැතිනිය මෙහිදී සඳහන් කළේ මෙම කාර්යය සඳහා මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා සිදුකරන බවයි. එහිදී රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය යෝජනා කළේ මෙම වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු විය යුතු බවටයි. ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා. මෙම වැඩසටහන පාසල් දැරියන්…
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා. රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීම මෙන්ම අදාළ වැටුප ජනවාරි මාසයේ සිට ලබාදීම යනාදි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද දහවල් 12 ට කෑම පැය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් රට අර්බුදයකින් ගොඩගන්නා අවස්ථාවක…
නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. එළඹෙන දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ග්‍රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට නියමිත අතර, ඔවුන් පෙබරවාරි 04 වැනිදාට පෙර සේවයට අනුයුක්ත කරන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ. එමෙන්ම, ඔහු තවදුරටත් පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු නිරාකරණයට පියවර ගන්නා බවයි.
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව සඳහන්. ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. මේ අතර ජනාධිපතිවරණය සහ මහ…
නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අනිද්දා සිට පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනට එම බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අක්‍රියව පවතිනවා. එමෙන්ම පසුගියදා බිඳ වැටීමට ලක්වූ එම තාප විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 14 කට වැඩි කාලයක් ගතවනු ඇති බව සඳහන්.
දිවයිනපුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයෙන් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර යන පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. අද දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි . රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා. සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවයි රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ. මේ අතර රජය විසින් ජනවාරි මාසයේ සිට රුපියල් 5000 ක මුදල ලබා දීමෙන් රාජ්‍ය සේවකයා…
මෙරට තුල නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වන යෝජනාවට හෙට දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මෙම නව පිරිපහදුව චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මගින් ඉදිකිරිමටයි නියමිතව ඇත්තේ. ඒ සඳහා ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් ද සිදු කරනු ලබනවා. පසුගිය අගෝස්තු මාසයේදී තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා යෝජනා කැඳවූ විට චීනයේ සයිනොපෙක් සහ විටෝල් යන සමාගම් සිය සැලසුම් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් පසුව ඪසඑදක සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත් වීමටයි කටයුතු කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222