Author: Anura Premakumara

ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනයවා. එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර සත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළා.

තව කියවන්​න

ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය පළ කළ බව කටාර් රාජ්‍ය පවසා තිබෙනවා. ඒ අනුව සටන් විරාමට දීර්ඝ කිරීමත් සමග ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර, ඒ සමගම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයන් 11 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස නිදහස් කළ පලස්තීනුවන් 33 දෙනා අතර ළමුන් 30දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බවද සඳහන්. මේ අතර තවත් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස නිදහස් කරනු ලබන සියලුදෙනා කාන්තාවන් බවටයි වාර්තා වී ඇත්තේ.…

තව කියවන්​න

වර්තමානයේ වාර්තා වන අපරාධ සිදුවීම් පාලනය කිරීම සදහා පොලිස්පතිවරයකු වහාම පත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි .එල් පීරිස් මහතා පවසනවා . මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක් වෙමින් . නැවත වරක් හිටපු පොලිස්පතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට කල යෝජනාව ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිවැරදි තීරණයක් බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහිව ගොනු කල පෙත්සම අද යලිත් වරක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි . මෙම පෙත්සම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිලවා විසින් ගොනු කරනු ලැබුවා . අදාළ පෙත්සම ඊයේ දිනයේදී අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී තීරණය කලේ එය නැවත සලකා බැලීම අද දිනය දක්වා කල් තැබීමටයි . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා . අනතුරුව එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.…

තව කියවන්​න

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලි බ්‍රහීම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා . මෙම හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ . ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා . එමෙන්ම සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසුවේ ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවයි . බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව…

තව කියවන්​න

රොෂාන් රණසිංහ මහතාව සිය අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධුරය සඳහා හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා . එමෙන්ම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියවයි පත්කර ඇත්තේ . ඔවුන් දෙදෙනා මේ වනවිට දරනු ලබන අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා . මේ අතර ඉතාමත් කඩිනමින් මෙරටට පනවා ඇති අයි සී සි තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා යෞවන කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා . ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා දින වලදී රැස් වීමට නියමිතව තිබෙනවා . මෙම දින වලදී විනය විරෝධීව හැසිරුනු බවට මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් අදාළ කමිටුව විසින් විභාග කිරීමට නියමිතයි . ඒ අනුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා , රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ පැමිණිලිල්ල මෙන්ම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල විභාග කෙරෙනු ඇති . එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න සහ සනත් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ…

තව කියවන්​න

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසින් දැනට වනජීවි හා වන සම්පත් සංරක්ෂන අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලබන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කර තිබෙනවා. මේ අතර සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ලබන හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසින් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මීට සුළු මොහොතකට පෙර ඔවුන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවන දිනටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය හමුවේ පෙනී සිටියා. පසුගිය 21 වන දා ඔහු පළමුවරට එම විශේෂ ඒකකය හමුවේ පෙනී සිටි අතර ඔහුගෙන් පැය හතරහමාරකට ආසන්න කාලයක් විමර්ශන නිලධාරින් ප්‍රශ්න කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මූල්‍ය කළමනාකරණ ගැටලුවලට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු 10 ක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව සිහළ උරුමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සංදේශයක් භාර දී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හෙට දිනය දක්වා කල් තබා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශම්මි සිල්වා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

තව කියවන්​න