Author: Anura Premakumara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය සදහා පියවර ගන්නා බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ. අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා දේශීය හා විදේශිය අනුග්‍රාහක පාර්ශවයන්ගේ සහය ලබා ගන්නා බවයි. එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.

තව කියවන්​න

ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා. ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම දහම් පාසල් පවත්වාගෙන යාමට බාධාවක්ව පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ දහම් අධ්‍යාපනයට වැඩි අගයක් එක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

තව කියවන්​න

නව ආර්ථික සැලැස්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආදායම සහ විදේශ විනිමට වැඩි කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. රජයට වියදම් සීමා කරමින් ඉදිරියට ගමන් කිරීමට සිදුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයකට ඒ තුළින් බලපෑම් එල්ල වන බව සමගි ජනබලවේගය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ පොහොර, ඖෂධ, ළදරු ආහාර ඇතු`ඵ ද්‍රව්‍යවලට ද මෙම වැට් බදු ඉහළ දැමීම තුළින් බලපෑම් එල්ල වන බවයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ද පැවසුවේ අසීමිත ලෙස වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

තව කියවන්​න

බටහිර, මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතු`ඵ වීමෙන් අනතුරුව  එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහන් පළ කළ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

තව කියවන්​න

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සදහා දිවයිනෙන් පිටත්ව ගියා. ක්‍රීඩකයින් සහ නිලධාරින් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද අ`ඵයම දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. මෙම තරගාවලිය ඩුබායි රාජ්‍යයේදි පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගි වන ප්‍රථම ජාත්‍යන්තර තරඟාවලිය මෙය වනවා. මෙම තරගාවලිය ලබන 8 වන දා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 9 වන දා ජපාන කණ්ඩායම සමග පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ සම්බා සහල් මෙටි්‍රක්ටොන් 50,000 ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවයි. මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ දිනයේදී අවසන් කර තිබෙනවා. මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එමෙන්ම වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

තව කියවන්​න

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේ අද උදෑසන 6.30 ත් 7 ත් අතර මෙය සිදුව ඇති බවයි. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසු වූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

තව කියවන්​න

අබුඩාබි ටී ටෙන් තරගාවලියේ තවත් තරග තුනක් අද දිනයේදී පැවැත්වෙනවා. ඒ අතරින් පළමු තරගය චෙන්නායි බ්‍රෙව්ස් සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් අද පස්වරු 05.00 ට ආරම්භ විමට නියමිතයි. අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය රාත්‍රී 7.30 ට පැවැත්වෙන්නේ සම්ප් ආර්මි සහ ඩෙකෑන් ග්ලෑඩියේටර්ස් යන කණ්ඩායම් අතරයි . සමස්ත දිනය තුල පැවැත්වෙන තුන්වන තරගය දිල්ලි බුල්ස් සහ නදන් වොරියර්ස් යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් රාත්‍රී 10.00 ට පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි එම සංගමය ප්‍රකාශ කලේ . මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනායන සීමා මෙලෙස ඉවත්කරනු ලැබූවේ වසර තුනහමාරකට පසුවයි .

තව කියවන්​න