Author: Anura Premakumara

ඩෙංගු රෝගීන්ගේ සංඛාව තවදුරටත් වැඩිවුවහොත් රටේ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය ඩී.ජි.එම් කොස්තා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ නැගෙනහිර පළාත තුළ පමණක් වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 6000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත කිරීමට නියමිතයි. මෙම අවන්හල තුළ එක් වරකදී පුද්ගලයින් 250 ක පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතිනවා. ලබන 9 වැනිදා රාත්‍රී 7.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බවයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.

තව කියවන්​න

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධනුෂිකා හෙවත් කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී අවුරුදු 30 ක් වයසැති මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. සැකකාරිය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 50 ක්, විද්්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් ද සොයාගෙන ඇති බවයි එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

යෝජිත ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුව ඉන්දු – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිත ගිවිසුමේ 13 වන වටයේ සාකච්ඡා ලබන ජනවාරි මස 08 වනදා ආරම්භ වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකගතාවට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රජය මැදිහත්වීම රටේ ජනතාවගෙන් සියයට 77ක් ප්‍රතික්ෂේප කර ඇති බවට වන වාර්තා අසත්‍ය බවයි. වෙරිටේ රිසර්ච් ආයතනය මගින් අදාළ වාර්තාව නිකුත් කර තිබුණා. එය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා සදහන් කළේ අදාළ සමීක්ෂණය සදහා තෝරාගත් නියැදිය සහ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලිය පිළිබද සලසා බැලිය යුතු බවයි.

තව කියවන්​න

අබුඩාබී ටී 10න් තරඟාවලියේ තවත් තරඟ 3ක් ඊයේ පැවැත් වුණා. එහිදී පැවති පළමු තරඟයේදී චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමටයි නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණේ. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 75ක් රැස් කළා. එහිදී නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 03ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 76ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. මෙහිදී ආරම්ඹක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදුන් නිරෝෂන් දික්වැල්ලද ලකුණු නොලඹා දැවී ගියා. මේ අතර ඊයේ පැවති දෙවැනි…

තව කියවන්​න

දෙපැත්තකින් තැලී පොඩි වන භයානක ආර්ථික ඛේදවාචකයකය ජනතාව මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව තරහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාල මගින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහිවී ඇති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න