- කුවේට් අගමැති හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
- සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
- වැඩිම සුනඛ සපාකෑම් ගම්පහෙන්
- අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්
- ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සිද්ධියට අනුබල දුන් කාන්තාව සෙවීමට මහජන සහය පතයි
- ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන එයි
- විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
- ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
Author: Anura Premakumara
අනුරාධපුර එෛතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවීමේ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අවුකළ බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළදවීමේදී බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. කලාප පුරාවිද්‍යා නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවුකන රාජමාහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මෙය අනවබෝධය මත සිදුවු කටයුත්තක් බවයි. එමෙන්ම ඉදිරියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙවැනි කටයුතු සිදු නොකරන ලෙසද විහාරාධිපති හිමියන්ට දැනුම් දී තිබෙනවා.
දින 07ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාළ දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ කාන්තාව සහ මිලදී ගත් කාන්තාවන් දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. පොලිස් මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ සම්බන්ධයෙන් අදහස් පලකළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කිසිදු අවස්ථාවක රටේ පවතින නීතියෙන් බැහැරව දරුවන් හදාවඩා ගැනීම සිදු නොකළ යුතු බවයි.
දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මේ වන විට සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් රෝගින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ තුළින් ජනතාවගේ ජීවත් වීමේ අයිතියට දැඩි පහරක් එල්ල වී ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.
එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ අතර නව ගුවන් ගමන්වාර කිහිපයක් අද සිට ආරම්භ කරන බව එමිරේට්ස් සමාගම පවසනවා. අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි එමිරේට්ස් සමාගම නිවේදනය කළේ. ඒ අනුව අද සිට සෑම සිකුරාදා , ඉරිදා සහ බදාදා යන දිනවල අබුඩාබි සහ කොළඹ අතර ගුවන් ගමන්වාර සිදුකෙරෙනු ඇති.
දින හතක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ නිවුන් දරුවන්ගේ මව සහ දරුවන් මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුව ගත් බවයි. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මව, මෙලෙස සිය දරුවන් රුපියල් පනස් දහසක මුදලකට විකුණා ඇත්තේ පොළොන්නරුව සහ රාගම ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු හටයි. මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පිළියන්ද පොලිසිය මගින් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම දිනවල වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් ලබා ගැනීමට කටයුතු කිරීම බවයි. එළවලු ගොවීන් විසින් වෙළෙඳපොළට මෙන්ම තඹුත්තේගම, කැප්පෙටිපොළ නාරහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට යොමු කරන එළව`ඵ මිල ගණන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන හා වෙළෙඳුන්ගේ එළවලු මිල ගණන් අතර විශාල පරතරයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනූව රුපියල් 600 කට වෙළෙඳපොළේ අලෙවි වන බෝංචි කිලෝවක් ගොවියාගෙන් මිල දී ගෙන තිබුණේ රුපියල් 300 ක් වැනි අඩු මිලකටයි. එමෙන්ම ගොවීන්ගෙන් රුපියල් 500 කට මිලදී ගන්නා තක්කාලි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 1200…
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින්. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිව තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරණ උත්සාහය මින් පෙනී යන බවයි. 2017 වසරේදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහ ලේකම්වරයා ලෙස පත්වූ පසු මෙම බලය භාවිත කළ පළමු අවස්ථාව මෙය වනවා . කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර අවස්ථා හතරකදී…
2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හට අදහස දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ රට තුල පැවතී විදුලිය හා ඉන්ධන අර්බුධය මේ වනවිට ක්‍රමානුකූලව පහව යමින් තිබෙන බවයි. එබැවින් 2024 වසරේ ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරුයා සඳහන් කලේ.
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා ජල විදුලි උත්පාදනය අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම තුළ මෙම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ.
කිඹුලාවල පිහිටි ස්ටි්‍රට් ෆුඩ් කඩ හෙට දිනය වනවිට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ කඩහිමියන් වෙත දන්වා තිබෙනවා. මේ පිලිබඳ අදහස් පළ කළ වෙළඳසැල් හිමියන් සඳහන් කළේ තම ආහාර අලෙවිසැල් ඉවත් කිරීම සඳහා කිසිඳු හේතුවෙක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඔවුන් හට මෙතෙක් දැනුම් දී නොමැති බවයි. එමෙන්ම අලෙවිසැල් ඉවත් කලහොත් තම ජීවන උපාය අහිමි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222